BREAKING NEWS
latest

728x90

468x60

දළ පූට්‌ටුවාගේ දළ යුගල අලෙවියට සම්බන්ධ හිමිනම සොයා සීඅයිඩී විමර්ශන

ගල්ගමුවේ දළපූට්‌ටුවා ඝාතනය කර දළ යුගලය අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොල්පිතිගම ප්‍රදේශයේ ඉපැරණි විහාරස්‌ථානයක විහාරාධිපති හිමිනමක අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) විමර්ශන ආරම්භ කර ඇත.

මෙම විහාරාධිපති හිමියන් දළ පූට්‌ටුවා ඝාතනයට සම්බන්ධව නැති බවත් දළ පූට්‌ටුවාගේ දළ යුගලය අලෙවි කිරීමේ කොන්ත්‍රාත්තුවට සම්බන්ධ වී ඇති බවත් විමර්ශනවලින් හෙළි වී තිබේ.

දළ පූට්‌ටුවා ඝාතනය කර දළ යුගලය විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරීන් තිදෙනකු ඇතුළු අට දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුහු මේ වනවිට රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටිති.

දළ පූට්‌ටුවාගේ දළ යුගලය රුපියල් විසි ලක්‌ෂයකට අලෙවි කිරීමට යැමේදී පානදුර වලාන දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර ඇතාගේ ඝාතනය හෙළිදරව් වූයේ මෙම දළ යුගල අත්අඩංගුවට ගැනීමෙන් පසුවය.
« PREV
NEXT »

Facebook Comments APPID