BREAKING NEWS
latest

728x90

468x60

මුහුණුපොතෙන් යහළු වී කාන්තාව ඇන්දූ නයිජීරියානුවාට ඇප

ගම්පහ ප්‍රදේශයේ කාන්තාවක්‌ සමඟ මුහුණු පොතෙන් මිතුරු වී ඇයව රවටා රුපියල් අට ලක්‍ෂ පනස්‌ දහසක මුදලක්‌ වංචා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි නයිජීරියානු ජාතිකයා ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව 12 වැනිදා බන්ධනාගාරයෙන් මුදාහරිනු ලැබීය.

පියෝස්‌ නිගෝ ඉන්ගොසින් නමැති නයිජීරියානු ජාතික සැකකරු ඉකුත් ජනවාරි මස 06 වැනිදා ගම්පහ මහෙස්‌ත්‍රාත් ඩී. ඒ. රුවන් පතිරණ මහතා විසින් රිමාන්ඩ් භාරයට පත්කර පෙබරවාරි 03 වන දින රුපියල් 25000 ක මුදල් සහ රුපියල් 10,000 බැගින් වූ ශරීර ඇප 2 ක්‌ නියම කෙරුණි. එම ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් සැකකරු රිමාන්ඩ් භාරයේ පසුවූ අතර හලාවත, මාදම්පේ පදිංචි ද්‍රවිඩ ජාතිකයන් දෙදෙනකු ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව නයිජීරියානුවාව මෙසේ බන්ධනාගාරයෙන් මුදාහරිනු ලැබීය.

ගම්පහ ප්‍රදේශයේ කාන්තාවක්‌ සමඟ මුහුණු පොතෙන් මිතුරු වී නත්තලට නයිජීරියාවෙන් තෑගි ලැබී ඇති බවත් එම තෑගි ලබා ගැනීම සඳහා බදු මුදල් වශයෙන් රුපියල් හැට ලක්‍ෂ පනස්‌ දහසක්‌ වරින් වර ලංකාවේ බැංකු 03 ක ගිණුම්වලට සැකකරු පැමිණිලිකාරියගෙන් වංචනිකව ලබාගෙන ඇති බවට අධිකරණයේදී සඳහන් විය.
« PREV
NEXT »

Facebook Comments APPID