තමාගේ සින්නකර ඔප්පු සහිත මෙතෙක් කල් ජීවත් වූ නිවස හා ඉඩම වංචනිකව රවටා විකුණා ගනිමින් රු. ලක්‍ෂ 14 ක් රැගෙන පැනගිය ලේලිය පිළිබඳව පොලිසි තුනකට පැමිණිලි කර ඇති අතර වසර දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත් සාධාරණය ඉටු නොවීම හා පොලිසිය ලේලියට පක්‍ෂග්‍රාහීව කටයුතු කිරීම හේතුවෙන් තම ස්‌වාමිපුරුෂයාත් සමග මහමගට වැටී ඇතැයි (74) හැවිරිදි වියපත් මවක් වන තමාඩුවේ ගෙදර රත්මල්වල තංගල්ල යන ලිපිනයේ පදිංචි ඩී. ජී. දයාවතී මහත්මිය කියා සිටී.
රත්නපුර නව නගරයේ පදිංචි තම මල්ලිගේ දියණිය දයාවතී මහත්මියගේ නිවසට නිතර ආවගිය කෙනෙක් වන අතර ඇය රත්නපුර ඉතා වටිනා පහසුකම් සහිත ඉඩමක් හා නිවසක් විකිණීමට ඇති බවත් අඩුමුදලට ගත හැකි බවත් පෙන්වා දී එම ඉඩම මිලදී ගැනීමට යෝජනා කර ඇත.
පසුව දිනක් රත්නපුරයට මෙම යුවළ රැගෙන ගොස් විකිණීමට ඇති ඉඩම හා නිවස පෙන්වා ඇත.
ඒ අනුව 2015-12-11 දින ලේලිය විසින් දයාවතී මහත්මියගෙන් අත්සන් ගෙන ඔප්පුවද ඉල්ලා ගෙන පුද්ගලයකුට රු. ලක්‍ෂ 14 කට ඉඩම විකුණා මුදල් ලබාගෙන ඇත.
කුට්‌ටිගල - දම්මුල්ලේ සේන වී. ගමගේ