BREAKING NEWS
latest

728x90

468x60

ඇවිත් මැච් එක දිනා දෙන්න ඉන්දියානුවෝ කෝලිගෙන් ඉල්ලති

ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයට අමිහිරි වාර්තා කිහිපයක් එකතු කරමින් සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයේ ජය වාර්තා කිරීමත් සමඟම ඉන්දියානු ක්‍රිකට් ලෝලීන් තම ට්විටර් ගිණුම් ඔස්සේ විරාත් කෝලිට විවාහය අවලංගු කර කණ්ඩායමට නැවත එක්වන ලෙස සටහන් කර තිබිණි.

ට්විටර් සටහන් අතුරින් බොහෝමයක සඳහන්ව තිබුණේ විරාත් කෝලි කණ්ඩායම තුළ සිටියා නම් මෙවන් ඉරණමක් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට අත් නොවන බවත් වහාම ඉතාලියේදී පැවැත්වීමට නියමිත විවාහ මංගල්‍යය අත්හැර කණ්ඩායමට පැමිණ ඉදිරි තරගවලට ක්‍රීඩා කරන ලෙසය.

තම විවාහ උත්සවය පැවැත්වීමේ අරමුණින් යුතුව විරාත් කෝලි මෙම එක්දින තරගාවලියෙන් විවේක ගත් අතර දෙසැම්බර් 12 (අද) සහ 18 යන දිනවලින්් එකක "වසරේ විවාහය" ලෙස නම් පටබැඳී ඇති මෙම මංගලෝත්සවය ඉතාලියේ මිලාන් නුවර පැවැත්වීමට නියමිත බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණත් නිශ්චිත දිනයක් සඳහන් කිරීමට ඔවුන් අපොහොසත් වී ඇත.

කෙසේ වෙතත් මෙම විවාහය හා සම්බන්ධව ඉන්දීය ක්‍රිකට් ලෝලීන් එක් කර ඇති ට්විටර් සටහන් බොහෝමයක් හාස්‍ය උපදවීමේ අරමුණින් යුතුව පළ කර තිබූ ඒවා වුවත් මෙම තරගයට විරාත් කෝලිගේ නායකත්වය අහිමි වීම මෙම වාර්තාගත පරාජයට හේතුව බව බොහෝ ඉන්දියානුවන්ගේ මතය වී තිබේ.
« PREV
NEXT »

Facebook Comments APPID