BREAKING NEWS
latest

728x90

468x60

අසරණ මේ පවුල ඔබේ සරණ පතයි

අද දවස වන විට කරකියා ගැනීමට නොහැකි තරමට අසරණවී සිටින ඉතාමත් දිළිඳු පවුලක තොරතුරු සොයන්නට පසුගියදා අපි "දිවයින" පුවත්පත වෙනුවෙන් බදුරලිය ජී. ඇස්‌. මාවත අසල පදිංචි එම්. කේ. අජිත් පුෂ්පකුමාර මහතාගේ ගෙදරට ගියෙමු. එහිදී ඔහුට අපි කතා කරන්නට ඉඩහැර අපි අසා සිටියෙමු. මම බදුරලිය ග්‍රාම නිලධාරී වසමේ ස්‌ථිර පදිංචිකරුවෙක්‌. මගේ බිරිඳටයි මටයි දරුවෝ දෙන්නෙක්‌ ඉන්නව. 

ඒ දෙන්නව පුංචි දරුවෝ. මගේ දෙමාපියන් දෙන්නත් වයසයි. ඉතාම දුප්පත් මට ඒ දෙන්නව බලා කියා ගන්න ඕනේ. මොනව කරන්නද මට ජීවත්වෙන්න මගේ පවුල නඩත්තු කරගන්න විදිහක්‌ නැහැ. මම විවාහ වන විට රියෑදුරකු ලෙස සේවය කළා. අවුරුදු 30 වන විට මම ආතරයිටිස්‌ රෝගයෙන් පෙළෙන්න පටන් ගත්තා. දැනට මගේ උකුල් ඇට දිරාපත්වී ඇති බව වෛද්‍යවරු සනාථ කර ඇත. අත්වාරු වලිනුයි මේ වන විට මට ඇවිදීමට සිදුවී ඇත්තේ වයස අවුරුදු 6 වන මගේ වැඩිමහල් දරුවාවද අපස්‌මාර රෝගියෙකි. දරුවාද මාස්‌පතා සායනයට රැගෙන යා යුතුය. මේ හේතු නිසා මමද මගේ බිරිඳද ඉතාමත් අසරණවී ඇත. 

එදිනෙදා ජීවත් වීමට පවා කිසිදු ස්‌ථිර ආදායමක්‌ අපේ පවුලට නැහැ. සමෘද්ධි හා ආබාධිත අයට ලබාදෙන සහනාධාරය තමා අපේ එකම ආදායම. ඒ වගේම පසුගිය මහ ගංවතුරට අපේ ගේ යට වුණා. තිබුණු බඩුමුට්‌ටු ටික නැති වුණා. ගේ මුළුමනින්ම පිපුරුව. දැන් මේ ගෙයි ඉන්න එක බයයි. නින්ද යන්නෙත් නැහැ. නින්ද ගියත් හිටිගමන් ඇහැරෙනවා. අපිට නම් මොනව වුණත් කමක්‌ නැහැ. මේ පුංචි දරුවෝ දෙන්න හින්ද ලොකු බයක්‌ හිතට දැනෙන්නෙ. ඉතින් මගේ බිරිඳටත් රැකියාවකට යන්න බෑ දරුවන් පුංචි නිසා. ඉතින් මම මේ අපේ අසරණ පවුල වෙනුවෙන් දනට පිනට කැමති මෙවන් සිද්ධීන්වලදී හදවත උණුවන ඔබෙන් ඉල්ලන්නෙ මගේ ගේ හදාගන්න මට පුළුවන් උදව්වක්‌ කරන්න කියලා අවස්‌ථා ගණනාවකදී දේශපාලන අධිකාරිය පවා දැනුවත් කළා. වැඩක්‌ වුණේ නැහැ. 0342244345 දරන මෙම දුරකථන අංකයට කතා කර උදව්කරන්න කියලා මා ඉල්ලා සිටිනවා.

ලත්පඳුර - ජී. ඩී. ජයසිරි, බදුරලිය - දයානන්ද ජයනෙත්ති
« PREV
NEXT »

Facebook Comments APPID