පාසල් සිසුන් සඳහා නිකුත් කෙරෙන නිල ඇඳුම් වවුචර් පත් දැනටමත් සියලුම පළාත්වලට බෙදා අවසන් කර ඇති බවත් මෙම වවුචර පත් ඉදිරි සතියේදී පාසල් සිසුන් අතට පත් කිරීමට නියමිත බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
හතළිස් දෙලක්‌ෂයකට අසන්න පාසල් දරුවන් සඳහා මිලියන 2370 ක වටිනාකමකින් යුත් නිල ඇඳුම් වවුචර් පත්ද, පිරිවෙන් සිසුන් සඳහා මිලයන 75 ක වටිනාකමකින් යුත් වවුචර්පත්ද මේ වනවිට නිකුත් කර අවසන්ව ඇති බවත් ඉදිරි සතියේ දී ඒවා දරුවන් අතට පත් කිරීමට නියමිතව ඇති බවත් මෙම නිල ඇඳුම් වවුචර්පත්වල මුළු වටිනාකම මිලියන 2445 ක් බවත් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
චමින්ද සිල්වා