BREAKING NEWS
latest

728x90

468x60

බ්‍රිතාන්‍යයේ ප්‍රබල කාන්තාව ෂෙරී ඇචේසන් සිය සැබෑ මව හමුවීමට ශ්‍රී ලංකාවට පැමිණෙයි


ලංකාවේ අම්මා සෙවූ බ්‍රිතාන්‍ය ප්‍රබල කාන්තාව ෂෙරී ඇචේසන් අද පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණියේය.

වසර 26 කට පසු හෙට ඇය තමන්ට උපත දුන් මව හමුවීමට නියමිත ය.

ලන්ඩනයේ හිතෘ ගුවන් තොටුපොළෙන් ෂෙරී ඇචේසන් ලංකාවට පැමිණීමට ඊයේ යූ.එල්. 504 ගුවන් යානයට ගොඩවෙත්ම ඇයට එහි සිටි ශ්‍රී ලාංකිකයින්ගෙන් හිමිවුණේ උණුසුම් පිළිගැනීමකි.

ඇය අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළට ළඟා වූ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇය වෙත විශේෂ පිළිගැනීමක් සුදානම් කර තිබුණි.



ෂෙරී ඇචේසන් : “මට හුගාක් සතුටුයි. මම බලාපොරොතුවෙන් ඉන්නනේ මගේ අම්මාව දකින්න මගේ සහෝදරිය හමුවෙන්න ඔවුන්ගේ විස්තර දැනගන්න මගේ අම්මා මට ලබාදිපු ජිවිත තුළින් මම ලැබුනේ දේවල් ගැන ඔවුන්ට කියන්න 1991 පෙබරවාරි 28 වෙනිදා ෂෙරි ඇචේසන් උපත ලබා ඇත්තේ නිරෝෂිකා යන නාමයෙන් වන අතර ඉපිද දින 15 කට පසු ඇය අයර්ලන්ත ජාතික යුවලක් වෙත ලබාදි තිබෙනවා
තමන්ට උපත දී දින 15 ක් හෝ ලේ කිරිකර දුන් ලංකාවේ අම්මා සොයා දෙන ලෙස නිව්ස්ෆස්ට් වෙත ෂෙරී ඇචේසන් ඉල්ලීමක් කළේ, මීට සති කිහිපයකට පෙරයි.

ඇය මේ වනවිට එක්සත් රාජධානියේ තාක්ෂණ ක්ෂේත්‍රෙය් ප්‍රබල කාන්තාවන් 35 දෙනා අතරට අතුළත්ව සිටින අතර විශේෂ ව්‍යාපෘති රැසකට සිය දායකත්වය ලබා දී තිබේ.

ඇය සතුව තිබූ උප්පැන්න සහිතය ඇතුළු අනෙකුත් ලියකියවිලි සඳහන් වූ තොරතුරු අසත්‍ය ඒවා වූ අතර නිව්ස්ෆස්ට් ඇගේ සැබෑ මව සොයා මෙහෙයුමක් ආරම්භ කළේ, ඒ අනුවයි.

නිව්ස්ෆස්ට් කළ අනාවරණයෙන් පසු සොයා ගැනුණු ඩිංගිරි අම්මා නැමති කාන්තාවගේ ඪ්ණැ සමඟ ෂෙරී ඇචේසන්ගේ ඪ්ණැ සියයට 99 යි දශම 99 ක් සමාන බව බ්‍රිතාන්‍ය ඇල්ෆා බයෝ ලැබ් ආයතනය තහවුරු කළේය.

දින 15 ක බිළිඳියක ලෙස සිය මව් උණුසුමෙන් මිදුණු ෂෙරී ඇචේසන් හෙට යළි තම මව හමුවීමට නියමිත ය.

ඒ සොඳුරු මොහොත එළඹෙන තුරු අපි බලා සිටිමු.


« PREV
NEXT »

Facebook Comments APPID