BREAKING NEWS
latest

728x90

468x60

ඇළට වැටී මරු හා සටන් කළ මාස අටක වසු පැටියා බේරාගනී

සෙවනපිටිය ඉසෙඩ් ඩී. ඇළට වැටී සිටි වසු පැටියෙකු බේරා ගැනීමට එම ප්‍රදේශයේ තරුණයෙකු සමත් විය. මාස අටක්‌ වයසැති මෙම වසු පැටියා ඇළට වැටී සිටි අයුරු දැක තිබෙන ඔහු පසුව ටයර් ටියුබයක්‌ යොදා මහත පරිශ්‍රමයකින් වසු පැටියා ගොඩගනු ලැබීය.

මෙම ඇළට දළ ඇතුන් පවා වැටෙන අතර ඉසෙඩ් ඩී. ඇළට වැටීමෙන් මිනිස්‌ ජීවිත රැසක්‌ද අහිමි වී ඇත. තම ජීවිත අවදානම ගැන නොතකා මෙසේ වසු පැටියාගේ ජීවිතය බේරා ගොඩගැනීම කාටත් ආදර්ශවත් වූ අතර එම ස්‌ථානයේ සිටි කාගෙත් පැසසුමට ලක්‌ විය.
« PREV
NEXT »

Facebook Comments APPID