සුපර් සික්ස් අධ්‍යකෂණයෙන් සිනමාවට පිවිස පැණි මකුඵවෝ හා සාම චිත්‍රපට නිෂ්පාදනය කල යූ. ඒ. පල්ලියගුරුගේ ප්‍රථම මෙගා ටෙලි නාට්‍ය නිෂ්පාදනය තුත්තිරි නමින් නිෂ්පාදනය කොට ඇත. යූ. ඒ. පල්ලියගුරුගේ සංකල්පයකට අනුව නිර්මාණය කල ටෙලි නිර්මාණය මගින් ලංකාවේ පළමු වරට Sifi Comedy වර්ගයේ ටෙලි නිර්මණයක් ටෙලි ප්‍රේකෂකයන් හට අත්දැකීමට ලබා දීම ඔවුන්ගේ අරමුණයි.
දිනෙන් දින ටෙලි නාට්‍ය කළාවට තර්ජනයක් වෙමින් හඩ කවමින් විකාශය වන හරසුන් විදේශීය නිෂ්පාදන හමුවේ කිසිඳු කොපියකින් තොරව නිර්මාණය කොට ඇති මෙම ටෙලි නාට්‍යයට පදනම වී ඇත්තේ ජනවහරේ එන තුත්තිරි ගස් යට මිනිස්සු ජිවත්වෙන කාලයක් එනවා කියන කථාවයි.
දිනෙන් දින ස්වභාවධර්මයාට තර්ජනයක් වන භෞතික අවශ්‍යතාවය උදෙසා ස්වභාවධර්මය හා මිහිතලයම විනාශ කිරීම නිසා මානවයා පාලනය කිරීමට මානවයා නිර්මාණය කල බුද්ධිමත් ජීවීන් පෘථීවියට පැමිණෙයි.
මීට පෙර පැමිණි පිටසක්වල ජීවීන් පෘථීවි වාසින් ගේ ස්වරූපයෙන් පැමිණ රාජකාරිය කි්‍රයාවට නැංවීමට උත්සාහ කලද පෘථීවියේ මානවයා තුල තිඛෙන භයානක ලෙඩ රෝග වන තන්හාව, ආශාව, රාගය, බලය වැනි ලෙඩ රෝග වලට ගොදුරුව තමන්ට තිබූ විශ්ව බලය අහිමිව කලාව, දේශපාලනය වැනි කටයුතු කරමින් වසර සිය ගණන් විවිධ නම් වලින් පෘථීවිය තුල ජීවත් වෙමින් සිටී, එබැවින් අවසාන කණ්ඩායම එවා ඇත්තේ එවැනි වූ පසුබිමක දැඩි අවවාද සමග සමස්ථ පෘථීවි මානවයා සියයට දශම පහකට කුඩා කිරීමෙන් සත්ව හිංසාව පරිසරයට තිඛෙන තර්ජනය නැතිකොට මානවයාගේ භෞතික සම්පත් අවශ්‍යතාවය සියයට අනූනවයයි දශම පහක් අඩු කොට මානවයාත් පරිසරයත් සමතුලිත කොට පෘථීවියේ ඉදිරි පැවැත්ම යහපත් කිරීමයි.
යූ. ඒ. පල්ලියගුරුගේ නිරිමාණ සංකල්පයකට අනුව අධ්‍යකෂණය සඳහා සංජය නිර්මාල් තෝරාගෙන ඇති අතර ප්‍රවීණ නඵ නිළි කැලක් වන මොරීන් චාරුනී, සනත් විමලසිරි, නිරෝෂන් විජේසිංහ, මේධා ජයරත්න, කාවින්ග පෙරේරා, රිතූ ආකර්ෂා, අනුරාධා එදිරිසිංහ, සරත් කුලාංග, මිශෙල් දිල්හාරා, අන්ජුලා රාජපකෂ, නුවන්ගි ලියනගේ මෙන්ම හඳුන්වාදෙන න`ඵ ජේක් සේනාරත්නද මෙයට රංගනයෙන් දායක වේ.
ීසසෙ කදපැාහ වර්ගයේ පලමු මෙගා ටෙලි නාට්‍ය වන බැවින් මෙය ශී්‍ර ලාංකීය ටෙලි නාට්‍ය ප්‍රේක්ශකයන්ට නැවුම් අත්දැකීමක් ලබා දෙමින් ඉහලම ප්‍රේක්ශක ප්‍රතිචාරයක් ලඛෙන බව නිෂ්පාදක කණ්ඩායමේ අදහසයි.
ලංකාවේ මේ වන විට එට්කා වෙළඳ ගිවිසුම පිළිබඳ විවිධ ෙකෂත්‍රයන් හා ව්‍යාපාරික ප්‍රජාව බොහොම කැළඹීමෙන් යුතුව කථාබහ කරනවා එට්කා වෙළඳ ගිවිසුම හා ඉන්දියානු ආක්‍රමණය පිලිබඳ ඔවුන් අද කථා කලද මීට වසර බොහෝ ගණනක පෙර සිට ලංකාවේ ටෙලිනාට්‍ය කළාවට ඉන්දියානු ආක්‍රමණයෙන් සිදු වන අලාභයන් පිළිබඳ කිසිවෙකු කථා කලේ නැත. ඉන්දියානු රැල්ලේම යමින් නාට්‍යය කිරීම හැර ගොඩ යෑමක් නැතැයි සිතන අවධියක මෙවැනි දේශීය සංකල්ප මූලික කොට ගනිමින් හරවත් නිර්මාණ බිහි කිරීම මේ මොහොතේ ඉති අසීරු අභියෝගයක් බව තුත්තිරි ටෙලි නාට්‍ය මාලාවේ නිෂ්පාදක චිත්‍රපට අධ්‍යකෂක යූ.එ්. පල්ලියගුරු පවසයි.
ඉතා නුදුරේදීම මෙම ටෙලි නාට්‍යයට සුදුසු රූපවාහිණි නාළිකාවක මෙම කථාමාලාව විකාශයවීමට නියමිත අතර එතෙක් තුත්තිරි පිළිබඳව උනන්දුවක් දක්වන්නන් යූ ටියුබ් ෆේස්බුක් වැනි සමාජ ජාල මාධ්‍ය ඔස්සේ තුත්තිරි සමග සම්බන්දවිය හැකි අතර රංගනයෙන් දායක වීමට කැමති නවකයන්ටද තුත්තිරි ෆේස්බුක් පිටුව මාර්ගයෙන් සම්බන්ධ වී තුත්තිරි සමග රංගනයෙන් දායක වී කලාවේ ඉදිරියට යාමට අවස්ථාව ලබා ගත හැකිය.