BREAKING NEWS
latest

728x90

468x60

සයිටම් විසැඳුම් වහාම ක්‍රියාත්මක කර සිසුන්ට සාධාරණය ඉටු කරන්න

සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය ප්‍රකාශයට පත් කළ විසඳුම් මාලාව වහා ක්‍රියාත්මක කර සිසුන්ට සාධාරණය ඉටු කරන්නැයි සයිටම් ආයතනයේ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරයි.

පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය රට තුළ අඛණ්ඩව පවත්වාගෙන යාමට ඉඩ ප්‍රස්ථාව ලබා දීමෙන් සයිටම් සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කළ මෙම විසඳුම් මාලාවට බොහෝ දෙනාගේ ධනාත්මක ප්‍රතිචාරය ලැබී ඇති මෙම අවස්ථාව ඒ සඳහා හොඳම අවස්ථාව වන බවද එම කමිටුව ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දී ඇත.
එම කමිටුවේ සභාපති ශානක ද සේරම් සිසුවාගේ අත්සනින් යවා ඇති එම ලිපයේ මෙසේද සඳහන් කර තිබේ.

අපි සයිටම් වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුන් වෙමු. වසර කිහියක සිට විවිද බාධක කම්කටොලු මධ්‍යයේ වුවද අප අපගේ අධ්‍යාපන කටයුතු ඉතා මැනවින් හා අඛණ්ඩව කළ බව සතුටින් දැනුම් දෙමු.

විවිධ පාර්වයන්ගේ න්‍යායපත්‍රවලට අනුව අප සහ අප ආයතනය පිළිබද රට තුළ බොහෝ සාවද්‍ය අදහස් පතුරවා තිබූ මොහොතක ඒ පිළිබද සොයා බැලීමට කමිටුවක් පත් කිරීම ඔබතුමා ගත් ඥානාන්විත පියවරක් බව බොහෝ දෙනාගේ අදහසයි.

එසේම 2017/10/29 වන දින ප්‍රකාශයට පත් කළ රජයේ විසදුම් මාලාවට බොහො දෙනා ධනාත්මක ප්‍රතිචාර දක්වමින් පවතින අතර එහි පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය රට තුළ ඛණ්ඩව කරගෙන යාමට ඉඩ ප්‍රස්ථා ලබාදීම අප ඇතුළු රටේ වැඩිමනත් ජනතාවක් අගය කර සිටිමු. එම තීරණය ඔබතුමා රටේ ප්‍රධාන ප්‍රතිපත්ති සම්පාදකයා ලෙස රටේ අනාගතය ගැන කල්පනා කර ගත් දූරදර්ශී පියවරක් ලෙස අප නිගමනය කරන්නෙමු. සිසුන් වන අපට පසුගිය කාලයේ ඇතිකළ විවිධ බලපෑම් නිසා අපගේ අධ්‍යනය කාලය නිරපරාදේ දීර්ඝ වී ඇත. වසර හයක සාර්ථක වෛද්‍ය අධ්‍යාපනයකින් අනතුරුව ආරම්භ කිරීමට තිබූ සීමාවාසික පුහුණුව වසර නමයකට ආසන්න කාලයක් යනතුරු ප්‍රමාද වී ඇත.

මෙය ශිෂ්‍යයින් වන අපට බලවත් අසාධාරණයක් වන අතර රටේ ඵලදායීතාවය නැංවීමට වන බලපෑමකි.

එම නිසා රජයේ විසදුම් මාලාව ලෙස එළිදැක්වූ ක්‍රියා පිළිවෙත වහා ක්‍රියාත්මක කිරීමට කාලය එළඹ ඇත. එහි සිදුවිය හැකි අල්පහෝ ප්‍රමාදයක් එහි අසාර්ථකත්වයට හේතු විය හැකිය.

එම වාර්තාව දීර්ඝ ලෙස අධ්‍යනය කිරීමේදී එහි දක්වා ඇති සෑම කරුණක්ම ශිෂ්‍යයින්ගේ අධ්‍යාපනයට සෘජුව හෝ වක්‍ර බලපෑමක් ඇති කරන බව අපට තහවුරු විය. මෙම ගැටලුවේදී ප්‍රධාන අගතියට පත් පාර්ශවය සයිටම් ආයතනයේ සිසුන් වන අප හෙයින් අප මූලික කරගෙන ක්‍රියාත්මක කරන්නට යන විසදුම සදහා අපගේ අදහස් ලබාගැනීමටත් අප දන්නා කරුණු ඔබතුමාට කියා සිටීමත් ඉතා වැදගත් වේ.

එම අදහස් දැනගැනිම වඩාත් ප්‍රායෝගික ආකාරයෙන් මෙම විසදුම ක්‍රියාත්මක කිරිමට මගපාදයි. ඒ සදහා වෛද්‍ය සිසුන් වන අපට ඔබතුමා මුණගැනීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉතා කාරුණිකව හා ගෞරවාන්විතව ආයාචනය කර සිටිමු.
« PREV
NEXT »

Facebook Comments APPID