BREAKING NEWS
latest

728x90

468x60

පියා පැදවූ වෑන් රියට තුන්හැවිරිදි දියණිය බිලි

පියා පැද වූ වෑන් රථයට යටවී ඊයේ (3) උදේ කුඩා දැරියක් මියගොස් ඇතැයි වීරකැටිය පොලිසිය පවසයි. එසේ මියගොස් ඇත්තේ වීරකැටිය අත්තනයාලේ පදිංචි දිල්සරා තිලක්ෂණී අබේවික්‍රම නැමති අවුරුදු තුන හමාරක් වයසැති දැරියකි.

ඇය සිය මවුපියන් ඇතුළු ඥාතීන් පිරිසක් සමඟ කතරගම වන්දනාවේ යාමට සූදානම් වී වෑන් රථයට නැඟ ඇති අතර, පියා එම වෑන් රථය පිටුපසට ධාවනය කරද් දී එක් වරම එහි දොර විවෘත වී ඇය ඉන් බිමට වැටී එහි රෝදයකට යටවීමෙන් මරණයට පත් වී ඇතැයි පොලිස් පරීක්ෂණවල දී අනාවරණය විය.

මේ මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය ඊයේ (03) උදේ මාරකඩ ඉහළ හදිසි මරණ පරීක්ෂක පී. වීරමන් විමලදාස මහතා විසින් සිදු කරන ලදී

වීරකැටිය පොලිසිය මේ මරණය සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ පවත්වයි.
« PREV
NEXT »

Facebook Comments APPID