BREAKING NEWS
latest

728x90

468x60

ඉතාලිය යද්දී අනතුරට පත් යාත්‍රාවේ ලාංකිකයිනුත්

මධ්‍යධරණී මුහුද හරහා ඉතාලිය බලා යාත්‍රා කරමින් තිබියදී අනතුරට පත් මගී ප්‍රවාහන යාත්‍රාවේ ශ්‍රී ලාංකිකයින් පිරිසක් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එහි ගමන් ගත් පුද්ගලයින් 700ක් පමණ බේරාගෙන ඇති අතර අනතුරින් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් ඇති බව ද සදහන්.

විදෙස් වාර්තා පවැසුවේ ඔවුන්ගේ මළ සිරුරු මේ වන විට සොයාගෙන ඇති බවයි.

මේ අතර බේරාගත් පිරිස අතර ශ්‍රී ලාංකිකයින් ද සිටින බව විදෙස් වාර්තා සඳහන් කළේය.

කෙසේ වෙතත් මියගිය අය අතර ශ්‍රී ලාංකිකයින් සිටීද යන්න පිළිබඳ ඉතාලි බලධාරීන් මේ වන තෙක් ප්‍රකාශ කර නැහැ

බේරාගත් පිරිස අතර ශ්‍රී ලාංකිකයින්ට අමතරව පකිස්ථාන, ලිබියා, බංග්ලාදේශ, ඇල්ජිරියා, ඊජිප්තු, මොරොක්කෝ, ජර්මන්, සිරියා, ජෝර්දාන් සහ ලෙබනන් යන රටවල පුද්ගලයින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය ජූලි මාසයේ සිට මධ්‍යධරණී මුහුද හරහා ඉතාලියට ගමන් ගත් යාත්‍රාවල අඩුවීමක් දක්නට ලැබුණ ද පසුගිය සතියක පමණ කාලය තුළ මෙම තත්ත්වය වෙනස් වී ඇති බව සඳහන්ය.

විශේෂයෙන් පසුගිය බදාදා දිනයේ ද අනතුරට පත් යාත්‍රාවක් බේරාගැනීමට කටයුතු කළ බව ඉතාලි බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
« PREV
NEXT »

Facebook Comments APPID