BREAKING NEWS
latest

728x90

468x60

බ්‍රිතාන්‍යය ප්‍රබල ලාංකික කත ෂෙරී ඇචේසන් උපත දුන් මව හමු වූ සංවේදී මොහොත


උපතින් ශ්‍රී ලාංකිකයෙකු වන ශෙරී ඇචේසන් බ්‍රිතාන්‍යයේ තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රබලතම කාන්තාවන් 35 දෙනා අතුරින් අයෙකි.

පසුගියදා ඇය මෙරටට පැමිණෙන්නේ තමාට උපත දුන් මව සොයා ගෙනයි.

මේ අතර ඇචේසන් අද පෙරවරුවේ අප ප්‍රවෘත්ති අංශයට පැමිණියා ය.

එහෙත් ඇයට උපත දුන් මව ඇය වෙනුවෙන් ම මෙහි රැඳී සිටින බව ඇය දැන නොසිටියා ය.

ශෙරී බලාපොරොත්තු නොවුණ දේ ඒ මොහොතේම සිදුවිය.



තමාට උපත දුන් මව සොයා දෙන්නැයි ශෙ‍රීගෙන් ඉල්ලීමක් ලැබුණේ මීට මාසයකට පමණ පෙරයි.

ඒ අනුව අප විශේෂ ගවේෂණයක් ආරම්භ කළේ ය.

එක්සත් රාජධානියේ අයර්ලන්ත යුවළකට ශෙරී භාරදුන් අවස්ථාවේ තිබූ ලියකියවිලි – උප්පැන්න සහතික සහ ඡායාරූප ඇය අප වෙත යොමු කළේ, තමන් මෙළොවට බිහිකළ මව සොයා ගැනීමේ දහසක් බලාපොරොත්තු ඇතිවයි.

එම ලියකියවිලි රෝහල් දත්ත සමග සංසන්දනය කළ අවස්ථාවේ දී තොරතුරු ව්‍යාජ ඒවා බවට ද
අනාවරණය විය.

අප සතු තොරතුරු සියල්ල විකාශය නොකර තොරාගත් දෑ පමණක් අනාවරණය කළේ, ශෙරීගේ සැබෑ මව තහවුරු කර ගැනීමට එම තොරතුරු බෙහෙවින් උපකාරි වීම හේතුවෙනි.

මේ පිළිබඳ තොරතුරක් දන්නා අයෙකු ඇත්නම් News 1st ක්ෂණික දුරකතන අංකය හා සම්බන්ධ වන ලෙස ද දන්වා සිටියා ය.

ඒ සමග එම දුරකතන අංකයට ප්‍රවෘත්තිය විකාශය වූ අවස්ථාවේ සිට ඇමතුම් රැසක් ලැබිණ.

බොහෝ අවස්ථාවලදී ඇතැමුන් ෂෙරීගේ මව ලෙස දක්වමින් ව්‍යාජ ලෙස ද පෙනී සිටියේ ය.

එහෙත් මීට සති දෙකකට පමණ පෙර එම තීරණාත්මක දුරකතන ඇමතුම ලැබිණ.

ඒ කුරුණෑගල මැල්සිරිපුර ප්‍රදේශයෙනි.

මේ දුරකතන ඇමතුම ලද ප්‍රදේශය පිළිබඳව අප දැඩිව අවධානය යොමු කිරීමට එක් කරුණක් වූයේ අපට ලැබුණු එක් ලියවිල්ලක් වන පරිවාස නිලධාරීයාගේ වාර්තාවේ මැල්සිරිපුර ප්‍රදේශය පිළිබඳව සඳහන්ව තිබීමයි.

මේ අතරවාරයේ ගම්පහ ප්‍රදේශයෙන් ද ශෙරීගේ මව සම්බන්ධයෙන් තවත් තොරතුරු අපට වාර්තා
විය.

පසුව කණ්ඩායම් දෙකක් කුරුණෑගල මැල්සිරිපුරටත් ගම්පහටත් පිටත්විය.

ශෙරීගේ මව බව පැවසූ ගම්පහදී අපට හමුවූ කාන්තාව අප සතු ඡායාරූපවල සිටි කාන්තාවගේ
ස්වරූපයට බොහෝ සමාන විය.

මේ සම්බන්ධ පරීක්ෂණයේදී බොහෝ අතුරු මාර්ගවල අපට යාමට සිදුවුවත් බොහෝ දෙනෙකුගේ උපකාර මත මේ ගවේෂණය ඉතා සාර්ථක කර ගැනීමට අපට හැකියාව ලැබිණ.

අප සතු ශෙරීගේ විකාශය නොකළ තොරතුරු සහ මේ කාන්තාව පැවසූ තොරතුරු සංසන්දනාත්මකව විශ්ලේෂණයට ද කටයුතු කළේ ය.

එම තොරතුරු සමාන වුවත් ඇතැම් ස්ථානවල නොගැළපෙන තැන් දක්නට ලැබුණු නිසාම සියලු දෙනා සාමූහිකව තීරණය කළේ, DNA පරීක්ෂණයකින් මෙය තහවුරු කර ගැනීමටයි.

ඒ අනුව ඩිංගිරි අම්මා නමැති කාන්තාවගෙන් උතුරු කොළඹ ශික්ෂණ රෝහල් කාර්ය මණ්ඩලය ලබා ගත් DNA සාම්පල ගුවන් මගින් බ්‍රිතාන්‍යෙය් ඇල්ෆා බයෝලැබ් ආයතනයට යොමු කෙරිණ.

එහිදී අපට ගම්පහින් හමුවූ ඩිංගිරි අම්මාගේ සහ ශෙරී ඇචේසන්ගේ DNA ප්‍රථිඵල විද්‍යාත්මකව තහවුරු විය.

සියලු තොරතුරු පිළිබඳව අප නිරන්තරයෙන් ශෙරී ඇචේසන්ව දැනුවත් කළේ ය.

ප්‍රවෘත්ති වාර්තාකරණයේදී මෙවන් සතුටුදායක මානුෂීය සිද්ධි වාර්තාකිරීම අපට ලැබෙන මහගු භාග්‍යයකි.

මේ සංවේදී සිද්ධියේ සාර්ථක අවසානයක් වෙනුවෙන් අපට බොහෝ දෙනෙකු සහයෝගය ලබාදුන් බව ඉතාමත්ම සතුටින් සිහිපත් කළ යුතුමයි.

වචනයකින් හෝ මේ අවස්ථාවට උපකාර කළ සියලු දෙනාටම අපගේ හදපිරි ස්තුතිය පුදකරන්නෙමු.







« PREV
NEXT »

Facebook Comments APPID