BREAKING NEWS
latest

728x90

468x60

චන්දික බංග්ලාදේශයට සමුදී – ලංකාවට සේවය කිරීමට පැමිණෙයි

බංග්ලාදේශ ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ සිය ඉල්ලා අස්වීමේ ලිපිය එරට ක්‍රිකට් ආයතනයට බාර දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ වගේම එම මාධ්‍ය පවසන්නේ චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුගේ ධුරය සඳහා යෑම සඳහා මෙලෙස ඉවත්වී තිබෙන බවයි.

මේ අතර ඉන්දිය කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත පූර්ණ ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම බදාදා (08දා) ඉන්දියාවට පිටත්විය.

කෙසේ වෙතත් එම කණ්ඩායම සමගින් ශ්‍රී ලංකා නව පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීමට පිටත්විමට නොහැකිවිය. ඒ වීසා ගැටුවක් හේතුවෙනි.

පළමු ටෙස්ට් තරගය කොල්කටා ඊඩ්න් ගාඩ්න්ස් පිටියේදී පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කොල්කටා නුවර රැඳී සිටියි.

තිලාන් සමරවීරට ඉන්දීයාවට පිටත්වීම සඳහා හෙට (10දා) වන විට වීසා ලැබෙනු ඇතැයි ක්‍රිකට් ආයතනය විශ්වාසය පළකරයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පුහුණු තරගයට අනිද්දා (11දා) හා 12 දා ඉන්දීය සභාපතිගේ කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉන්දීයාවේදී ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කරන්නේ වසර 8කට පසුවය. ඉන්දියාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 17කට ක්‍රීඩා කර ඇති අතර එයින් තරග 10ක් පරාජයට පත්ව ඇත. තරග හතක් ජයපැරදුමෙන් තොරව අවසන් වී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමට අද අත්ව ඇති ඉරණමත්,එය ජයගැනීම සඳහා හතුරුසිංහ තරම් ජගතෙකු නොමැති බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීහු තීරණයකට පැමිණ ඇති බවත් ඒ අනුව කාලයක් පුරා පැවති සාකච්ඡා සාර්ථක වී ඇති බවත් හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකාරීත්වය භාරගැනීමට සූදානම් බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම සාකච්ඡාවලට මුල පුරා තිබෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලී ද සිල්වා ය.

චන්දික හතුරුසිංහ පුහුණුකරු ධූරයෙන් ඉවත්වන බවට අස්වීමේ ලිපිය බංගලාදේශ ක්‍රිකට් ආයතනයට භාරදී තිබුනේ මිට මාස 3කට පෙරය,සිය ධූරයෙන් ඉවත්ව යෑමේදී අවම වශයෙන් මාස 3කට පෙර එරට ක්‍රිකට් ආයතනය දැනුවත් කළ යුතු බවට ගිවිසුමේ සඳහන් වී තිබීම නිසා ඔහුගේ පැමිණීම ලබන දෙසැම්බර් මාසය දක්වා කල්යෑමට හේතු වූ බව පැවසෙයි.

කෙසේ වෙතත් බංගලාදේශ ක්‍රිකට් ප්‍ර‍ධානී නස්මුල් හසන් පසුගියදා පවසා තිබුණේ හතුරුසිංහ මහතා බංගලාදේශ ක්‍රිකට් පුහුණුකරු ධූරයෙන් ඉවත් නොවේවි යැයි තමාට දැඩි විශ්වාසයක් පවතින බවය.

බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන්ද මිට පෙර ප්‍රකාශ කර සිටියේ හතුරුසිංහ මහතා 2019 ලෝක කුසලානය දක්වා රදවා ගන්නා බවයි.ඔවුන් එහිදී පවසා සිටියේ

“අපි ඉදිරියේ දී ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි ක්‍රීඩකයින් 20කට වැඩි ප්‍රමාණයක් සම්බන්ධ කරගෙන සිටින්නේ. මගේ මූලික ඉලක්කය 2019 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලිය. මේ සෑම ක්‍රීඩකයෙකුටම දැඩි කැපවීමෙන් පුහුණුවීම් කටයුතු සිදු කරන්න පුරුදු වෙන්න වෙනවා. ඔවුන් දේශීය වශයෙන් සිදු කරන පුහුණුවීම් කටයුතුවල තත්වය එතරම් ඉහළ තැනක නැහැ. නමුත් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් සමඟ පුහුණුවීම් කටයුතු සිදුකරද්දී ඔවුන්ට තේරෙනවා ජාතික කණ්ඩායමට තේරෙන්න තියෙන්නේ කොයි වගේ තරගයක් ද කියලා. ඒ වගේම අවශ්‍යතාවයක් ආවොත් සංචිතය විශාල කරන්නත් අවධානය යොමු කරනවා.” යනුවෙනි.

මෙම තත්වය පිළිබඳව පැහැදිලි කර ගැනීම සඳහා බංගලාදේශ මාද්‍ය හතුරුසිංහ සම්බන්ද කර ගැනීමට උත්සාහ කලද ඒවා ව්‍යර්ථ වූ බවද ඔවුන් වාර්තා කර ඇත.

කෙසේ වෙතත් හතුරුසිංහගේ ඉවත් වීම මේ වන විට නිළ වශයෙන් සිදුව ඇති අතර එලබෙන ජනවාරී මස සිට හතුරු ශ්‍රී ලංකා කණ්ඩායම භාර ගන්නා බව සදහන්.
« PREV
NEXT »

Facebook Comments APPID