BREAKING NEWS
latest

728x90

468x60

ඩුබායි ක්‍රීඩා ප්‍රවර්ධන නිලධාරිනියට අයුතු යෝජනාවක් කළ පුද්ගලයා ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සම්බන්ධ නිලධාරියෙකු තමන්ට අයුතු යෝජනාවක් කළ බව ඩුබායි හී ජිවත්වන මුනාසා ජිලානි නමැති ක්‍රීඩා ප්‍රවර්ධන නිලධාරිනියක් විසින් එල්ලකළ චෝදනාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.



නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර ඇත්තේ අදාළ නිලධාරියා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකු නොවන බවයි.

ඔහු පෞද්ගලික මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියෙකු බවටයි එහි වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

කෙසේ වෙතත් මුනාසා ජිලානි නමැති ක්‍රීඩා ප්‍රවර්ධන නිලධාරිනිය ප්‍රකාශ කර තිබුනේ අදාල ශ්‍රී ලංකා නිලධාරියා whatsapp හරහා ඇය සමග මෙලෙස අයුතු යෝජනා ඉදිරිපත් කරමින් කෙටි පණිවුඩ එවූ බවයි.

එම සංවාදයේ පින්තුරය (screenshot) ඇය සිය ට්විටර් ගිණුමට ඇතුළත් කරමින් ප්‍රකාශ කර තිබෙන්නේ තමන් මෙම නිලධාරියාගේ තොරතුරු ප්‍රසිද්ධ කළ යුතුද? යන්නයි. 

ඩුබායි හී ජිවත්වන මුනාසා ජිලානි නමැති ක්‍රීඩා ප්‍රවර්ධන නිලධාරිනිය , සිය ට්විටර් ගිණුමේ ප්‍රසිද්ධ කර තිබු එම සංවාදය පහතින්.

මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඊයේ (25) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පළකලේ මෙවන් අදහසක්.



« PREV
NEXT »

Facebook Comments APPID