මාවනැල්ල ප්‍රදේශයේ සිට කන්තලේ බලා එමින් සිටි ටීපර් රථයක් කන්තලේ සිට 87 ප්‍රදේශය බලා ගමන් කරමින් තිබූ යතුරුපැදියක (29 දා) ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් යුද හමුදා සෙබළෙකු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි කන්තලේ පොලිසියේ රථවාහන අංශය කියයි.
ජීවිතක්‌ෂයට පත්ව ඇත්තේ 87 ප්‍රදේශයේ පදිංචි මන්නාරම යුද හමුදා කඳවුරේ සේවය කරන ඩබ්. එන්. ඩී. දිනේෂ් තරංග (30) නම් අවිවාහක සෙබළෙකි.
කොළඹ - ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ කන්තලේ පෝටන්කාටුව වෙල්යාය තුළදී පහුගියදා මෙම අනතුර සිදු වී ඇති අතර, පොලිසිය පවසන්නේ ටීපර් රථ රියෑදුරුගේ අපරීක්‌ෂාකාරී රිය පැදවීම අනතුරට හේතු වී ඇති බවයි.
අත්අඩංගුවට ගත් රියෑදුරු මාවනැල්ල පදිංචි ලක්‌මාල් බාලසූරිය යන අය අධිකරණය හමුවට පැමිණවීමට නියමිතව ඇත.
කන්තලේ මූලස්‌ථාන පොලිසියේ රථවාහන අංශයේ ස්‌ථානාධිපති උ. පො. ප. ජයසේකර මහතාගේ උපදෙස් පිට පො. සැ. උපාලි (56730), පො. කො. පියරත්න (75503) යන නිලධාරීහු වැඩිදුර පරීක්‌ෂණ මෙහෙයවති.
කන්තලේ - ඩබ්. එම්. වික්‍රමසිංහ