BREAKING NEWS
latest

728x90

468x60

සංරක්‌ෂණය කොට ආරක්‌ෂා කළ යුතු බලංගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමි නිවස


මහා රට්‌ඨගුරු අග්ගමහා පණ්‌ඩිත අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමි ජන්මලාභය ලද පින්බිම සතු එම නිවහන මේ වනවිට ගරා වැටෙමින් පවතින වග එතනින් එහා මෙහා යනවිට එතුළට ගොඩ වැදුන විට හැඟේ.

කොහොමත් වැඩි පුරාවිදු වටිනාකමක්‌ ඇති එම පින් බිමට ගොඩවන්නට ඉකුත් සතියේ මට අවස්‌ථාවක්‌ ලැබිණි.

කොතරම් එතනින් එහා මෙහා ගියත් එවන් තැනක්‌ එහිවූ වග දැනුනේ දිගු කලකිනි.

ඒ අසල පවතින නාමපුවරුව මගින් ඒ ගැන පොඩි හැඳින්වීමක්‌ වේ.

ඒ බලංගොඩ අනන්ද මෛත්‍රෙය පදනම තුළිනි.

යම් විශේෂ පුහුණු මධ්‍යස්‌ථානයක්‌ ඇති වග සිතුනි.

නමුත් කිසිවකු එහිදී හමු නොවුණත් මැද සාලය පෙනෙන ලෙස ඉදිරි ජනෙල් පියන්පත් විවර තිබීම සැනසුමකි.

ආ නිසා අවට මෙන්ම නිවස තුළ ඡායාරූ ගැනීමද අමතක නොකළේ මේ පිළිබඳ රටට යම් දැනුවත් කිරීමකට යොමු කිරීම අවශ්‍ය බැවිනි. 

පෙනුණු දවස්‌ තුළ එහි යම් අලුත් බවක්‌ තිබුණේ යම් උත්සවයක්‌ එහි තිබූ නිසා විය හැක.

එහෙත් විශාල ගොඩනැඟිල්ලේ පිටුපස ගරා වැටී ඇත. ඉදිරියටත් ඉතිරි කොටස මෙම තත්ත්වය තුළ විනාශ වනු ඇත.

ඓතිහාසික වටිනාකමක්‌ උදාවෙන මෙවන් තැන් ආරක්‌ෂා කළ යුතුය. සංරක්‌ෂණය කළ යුතුය. එය උදාර ආගමික, සාමාජික යුග මෙහෙවරක නියුතුව සිටි උන්වහන්සේට කරන ගෞරවයකි.

මේ එයට මඟපෙන්වීමකි.

සටහන, සේයාරූ - දොඩන්ගොඩ - එඩ්වඩ් සමරවීර
« PREV
NEXT »

Facebook Comments APPID