BREAKING NEWS
latest

728x90

468x60

යාපනයේ නාගදීප විහාරයේ සහ දඹකොළ පටුන කසාවතින් බැබලෙන කඨින පිංකම්

යාපනයේ ජනතාව නිතර දකින දමිළ හින්දු චාරිත්‍ර ආගමික වතාවත් වලට වෙනස් අත්දැකීමක් එක් කරමින් නාගදීප විහාරයේ සහ දඹකොල පටුන විහාරස්ථානයන්හි වාර්ෂික කඨින චීවර මහා පිංකම අලංකාර පෙරහැරකින් නාවික හමුදාවේ අනුග්‍රහයෙන් පැවත්වුණි.

උතුරු නාවික විධාන භාර රියර් අද්මිරාල් ජයන්ත සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් හා මගපෙන්වීම් යටතේ එහි නිලධාරීන්ගේ දායකත්වයෙන් බැතිමතුන් විශාල පිරිසකගේද සහභාගීත්වයෙන් වාර්ෂික කඨින මහා පිංකම් පැවත්වුණි.

පසුගිය 06 වනදා දඹකොළ පටුන විහාරස්ථානයේ කඨින චීවරය වැඩම කරවීම හා දහවල් දානමය පිංකම එම විහාරස්ථානයේදී පැවති අතර කඨින චීවරය දඹකොල පටුන විහාරය දක්වා අලංකාර පෙරහරකින් වැඩම කළ අතර උතුර නාවික විධාන අඥාපති රියර් අද්මිරාල් ජයන්ත සිල්වා මහතා විසින් එම චීවරය නාගදීප රජමහා විහාරාධිපති උතුරු පාලාතේ ප්‍රධාන සංඝ නායක පවීනාචාර්ය ධර්මකීර්ති ශ්‍රී පූජ්‍ය නවඳගල පදුමකිත්ති තිස්ස හිමියන් වෙත පිලිගන්වන ලදි.

අනතුරුව 13 වනදා නාගදීප පුරාණ රජමහා විහාරයේදී වාර්ෂික කඨින පිංකමද පැවත්වුනේ විශාල බැතිමතුන් පිරිසකගේ හා නාවික හමුදා නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙනි.

එහිදී උතුරු විධාන නාවික අඥාපති තුමන් විසින් සධාතුක කරඩුව වැඩම කරවූ අතර කපිතාන් කෝසල වරණකුලසූරිය මහතා විසින් කඨින චීවරය වැඩම කරවූ අතර පසුව නාගදීප විහාරාධිපති උතුරු පාලාතේ ප්‍රධාන සංඝ නායක පවීනාචාර්ය ධර්මකීර්ති ශ්‍රී පූජ්‍ය නවඳගල පදුමකිත්ති තිස්ස හිමියන් වෙත පිලිගන්වන ලදි.

එහිදී නාවික හමුදාවට මෙන්ම බැතිමතුන්ට සෙත් පතා සංඝයා වහන්සේ විසින් පිරිත් සජ්ජායනය කළ අතර කඨින චීවර පිංකමට සහභාගී වූවන් වෙනුවෙන් දහවල් ආහාර වෙල්කද ලබා දීමට නාවික හමුදාව විසින් පියවර ගැනුනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ


« PREV
NEXT »

Facebook Comments APPID