BREAKING NEWS
latest

728x90

468x60

ගංගා මෑණියන්ගේ සුරය දමාගෙන චන්දිමාල් ඊයේ තරගයට පැමිණි හැටි

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර අබුඩාබීහිදී ඊයේ (18 වැනිදා) පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 22ක් අවසානයේ එක් කඩුල්ලකට ලකුණු 92 ක් ලබාගත්තේය. උපුල් තරංග ලකුණු 55 ක් සහ දිනිෂ් චන්දිමාල් ලකුණු 15 ක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳි සිටිති.

පිට පිට තරග 9 ක් පරාජයට පත්වී ඇති ශ්‍රී ලංකාවට තරගාවලියේ තවදුරටත් රැඳි සිටීමට නම් අද තරගය ජයගත යුතුව ඇත.අවසන් එක්දින තරග 10 පුරා ලකුණු අතරට පැමිණීමට නොහැකිවූ කුසල් මෙන්ඩිස් සහ සුරංග ලක්මාල් කණ්ඩායමෙන් ඉවත් චාමර කපුගෙදර සහ දුෂ්මන්ත චමීර කණ්ඩායමට කැඳවා ඇත.

පාකිස්තාන කණ්ඩායමේදී වෙනස්කම් දෙකක් සිදුකරමින් අහ්මඞ් ශේෂාඞ් සහ ඉමාඞ් වසීම් කණ්ඩායමෙන් ඉවත්කර ෆාහිම් අෂ්රාෆ් සහ මංගල තරගයට ක්‍රීඩා කිරීම සදහා ඉමාම් උල් හක් ද කණ්ඩායමට කැඳවා ඇත.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංග පළමුව පන්දුවට පහරදිමට තීරණය කළේය.

නිරෝෂන් දික්වැල්ලගේ දැවියාමෙන් පසුව පිටියට පැමිණි දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කරන විට වෙනදා කිසිවෙකු දැක නැති සුරයක් අද දිනයේ දිනේෂ් චන්දිමාල්ගේ පැළද සිටිනු දක්නට හැකිවිය.ටෙස්ට් තරගාවලියේදී දිනේෂ් චන්දිමාල් සහ ගංගා මෑණියන්ගේ ජයාරූප කිහිපයක් අන්තර්ජාලයේ පලවීම නිසා මේ පිලිබදව බොහෝදෙනෙකු අතර කතාබහට ලක්විය.මෙම සුරයද ගංගා මෑණියන් විසින් ලබාදුන් දෙයක්ද යන්න සැක පහල වී ඇත.



« PREV
NEXT »

Facebook Comments APPID