BREAKING NEWS
latest

728x90

468x60

පාසල් සිසුන්ට විකුණන්න ගෙනා "මදන මෝදක ගුලි" අත්අඩංගුවට

මීගමුව හා කටාන අධ්‍යාපන ප්‍රදේශවල පාසල් ළමයින් ඉලක්ක කර ගනිමින් අලෙවි කිරීමට සූදානම් කර තිබූ ගංජා මිශ්‍රිත මදනමෝදක ගුලි 7500 ක් මීගමුව කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය මඟින් 5දා එක් සැකකරුවෙකු සමඟ අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගනු ලැබුවේ අංක 25, ජයබිම, කදිරාන පදිංචි සඳුන් මංජුල (34) නමැති පුද්ගලයෙකි.

ගුලි 100 බැගින් අසුරා තිබූ පැකට් 75 ක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. එක් ගුලියක් රු. 100 ක් වැනි මුදලකට අලෙවි කරන බව කියයි. තැරැව්කරුවෝ යොදවා පාසල් අවට සැරිසරමින් මේ ජාවාරම කලක සිට ඉතාම රහසිගතව කරගෙන ගොස් ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

කොට්ඨාස පොලිස් අධිකාරි අනුර සේනාරත්න ද සිල්වා, සහකාර පොලිස් අධිකාරි ලලිත් රෝහණ ගමගේ මහතුන්ගේ උපදෙස් මත කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජේ. ඒ. බී. රූපසේන, පොලිස් සැරයන් විජයවර්ධන, පොලිස් කොස්තාපල්වරුන් වන සෙනවිරත්න, සම්පත් නිලධාරී කණ්ඩායම මේ වැටලීම කර තිබුණි.
« PREV
NEXT »

Facebook Comments APPID