BREAKING NEWS
latest

728x90

468x60

ළමා දිනය දා ළමුන්ට විකිණීමට සූදානම් කළ කේරළ ගංජා මොරවකින් අල්ලයි

පාසල් ළමුන් ඉලක්‌ක කර විකිණීමට සූදානම් කර තිබූ කේරළ ගංජා තොගයක්‌ සහිතව පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට මොරවක පොලිසිය සමත්වී තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට පත් වූයේ දෑරංගල ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු විසින් මොරවක නගරයේ රහසිගතව කේරළ ගංජා අළෙවි කරමින් සිටියදී පොලිස්‌ නිලධාරීන්ට ලැබුණු තොරතුරක්‌ මත වැටලීමේදී මෙලෙස කේරළ ගංජා මිලි ග්‍රෑම් 10000 සමඟ අත්අඩංගුවට පත් විය. සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු කාලයක පටන් මෙම ජාවාරම සිදුකර ඇති බව මොරවක පොලිසිය කියයි.

සැකකරු මොරවක මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම වැටලීම් සඳහා මොරවක පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක ප්‍රභාත් දේශබන්ධු මහතාගේ අධීක්‌ෂණයෙන් පො. සැ. (16829) රණතුංග, පො. කො. (90239) කුමාර, පො.කො. (70284) රුවන් යන නිලධාරීන් වැටලීම සඳහා සහභාගී වූහ.
« PREV
NEXT »

Facebook Comments APPID