BREAKING NEWS
latest

728x90

468x60

සුපිරි ප්ලෑනක් ගසා ලක්ෂ 2කට වඩා සොරකම් කල 10ය වසරේ සිසුවා මාට්ටු

තමන්ගේම නිවස බිඳ රුපියල් දෙලක්‍ෂ පනස්‌දහසක්‌ සොරාගත් දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවකු පිළිබදව වාර්තා වේ

ඒ නොච්චියාගම ප්‍රදේශයෙන්

නොච්චියාගම හල්මිල්ලගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් පොලීසියට පැමිණිලි කර තිබෙන්නේ කිසිවෙකු විසින් තම නිවස බිඳ රුපියල් දෙලක්‍ෂ පනස්‌ දාහක පමණ මුදලක් කොල්ල කා තිබෙන බවයි

ඒ අනුව පොලිසීය සිය පරීක්ෂණ අරඹා තිබේ. තමන් නිදාගන්නා විට කකුලට තබා ගන්නා කොට්‌ටයට මෙම සොරකම් කළ මුදල් දමා ආරක්‍ෂාවට තබා තිබෙන බවත් නිවසේ වහලයේ උළු කැට කඩා ඇතුළු වූ පුද්ගලයා විසින් සොරාගෙන ඇත්තේ එම මුදල් බවද එම පුද්ගලයාගේ පැමිණිල්ලේ සඳහන් කර තිබේ

මව පියා දියණිය සහ බාල පුතා ජීවත් වන නිවසේ බිරිඳ හා දියණිය රැකියා කරන බවත්,එදින තමන් ව්‍යාපාරික කටයුත්තක් සදහා පිටවූ පසු මෙලෙස නිවසේ තිබූ මුදල් කොල්ල කා තිබෙන බවත් එම පුද්ගල‍යා විසින් පවසා තිබේ

එදින වේලාසනින් පැමිණි තමන් නැවතත් නිවස තුලට යන විට තම කාමරයේ වහලයේ උළු කැට කීපයක්‌ කඩා දමා ඇති බව දැක පසුව ඒ ගැන සොයා බැලීමේදී මුදල් තිබූ කොට්‌ටය පිහියකින් කපා මුදල් රැගෙන ගොස්‌ ඇති බව දැක පොලිසියට පැමිණ පැමිණිලි කළ බවත් ඔහු පවසා තිබුනි

ඒ අනුව පොලිස්‌ පරීක්‍ෂණ ආරම්භ කළ පොලිසිය ඒ සඳහා “හීරෝ” නමැති නිල සුනඛයාද සමඟ එම නිවසට ගිය විට එම පවුලේ බාල පුතා එම ස්‌ථානයෙන් ඉවත්ව ගොස්‌ ඇත

පසුව පොලිසිය ඔහු අසල්වැසි නිවසේ සිටියදී රැගෙන විත් වෙනත් තැනක රඳවා තිබේ. නිවස පරීක්‍ෂා කිරීමේදී මෙට්‌ටය යට තිබී මුදල් කොට්‌ටය කැපීමට භාවිත කළ පිහිය හමුවී තිබේ

අනතුරුව හීරෝ පිහිය ඉව කිරීමෙන් පසු අවස්‌ථා තුනකදීම මෙම පාසල් සිසුවා සිටින තැන සොයා ගොස්‌ ඔහු අසලම නැවතී ඇත

ඉන්පසු පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සොරකමේ සුල මුල හෙළිකර ගැනීමට හැකිවූ බව පොලිසිය පවසනවා

පසුව සොරාගත් මුදලින් රුපියල් එක්‌ ලක්‍ෂ අටදාහක්‌ සමඟ නොච්චියාගම පොලිසිය විසින් මෙම බාලවයස්කරු අත්අඩංගුවට ගෙන තිබෙන බව සදහන්
« PREV
NEXT »

Facebook Comments APPID