BREAKING NEWS
latest

728x90

468x60

ආයුර්වේද සම්භාහන තැන් බවට ඇඟවූ කෝට්‌ටේ සහ නුගේගොඩ ගණිකා නිවාස 10 ක්‌ වටලයි

ආයුර්වේද සම්භාහන මධ්‍යස්‌ථාන මුවාවෙන් කෝට්‌ටේ සහ නුගේගොඩ යන ප්‍රදේශවල ගණිකා නිවාස දහයකට අධික සංඛ්‍යාවක්‌ අවස්‌ථා කිහිපයකදී වැටලූ මිරිහාන පොලිස්‌ මූලස්‌ථානයේ නිලධාරීන් ඒවායේ සේවයේ යොදවනු ලැබ සිටි කාන්තාවන් විසිඅට දෙනකු නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක්‌ කාන්තාවකට රුපියල් පනස්‌දහස බැගින් දඩ මුදල් ගෙවීමට නුගේගොඩ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් එන්. ආර්. බී. නෙළුම්දෙණිය මහතා නියෝග කළේය.

මෙසේ අධිකරණය හමුවේ වැරදිකාරියන් වූයේ වයස අවුරුදු දහඅටේ සිට පනස්‌ පහ දක්‌වා වයස්‌ කාණ්‌ඩයට අයත් ගම්බද ප්‍රදේශවලින් අගනුවරට පැමිණ සම්භාහන ආයතනවල සේවයේ නිරතව සිටි කාන්තාවන් පිරිසකි. නුගේගොඩ මූලස්‌ථාන පොලිස්‌ පරීක්‌ෂක හේමන්ත විජයවර්ධන මහතා ප්‍රධාන පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ මෙම වැටලීම් සිදුකර ඇත.

මිරිහාන පොලිස්‌ බල ප්‍රදේශයට අයත් ස්‌ථාන කිහිපයක, ආයුර්වේද සම්භාහන මධ්‍යස්‌ථාන මුවාවෙන් ගණිකාවන් සැපයීමේ ව්‍යාපාරයන් පවත්වාගෙන යන බවට මහජනයාගෙන් ලැබුණ පැමිණිලි අනුව උපාය දූතයන් යොදවා එහි සත්‍යතාව අනාවරණය කරගැනීමෙන් අනතුරුව අධිකරණ සෝදිසි වරෙන්තුවක්‌ මත අදාළ ගණිකා නිවාස වටලා මෙම සැකකාරියන් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස්‌ සැරයන් (28762) කුලරත්න මහතා අධිකරණයට ප්‍රකාශ කර සිටියේය.

නුගේගොඩ මූලස්‌ථාන පොලිස්‌ පරීක්‌ෂක හේමන්ත විජයවර්ධන මහතාගේ උපදෙස්‌ පරිදි පොලිස්‌ සැරයන් (28762) කුලරත්න, පොලිස්‌ කොස්‌තාපල් (82128) සුරංග යන නිලධාරීන් අධිකරණය හමුවේ පැමිණිල්ල මෙහෙයවනු ලැබීය. මෙම සම්භාහන ආයතන පවත්වා ගෙන යැම හේතුවෙන් පීඩාවට පත් ප්‍රදේශවාසීන් විශාල සංඛ්‍යාවක්‌ මෙම නඩු විභාගය නැරඹීම සඳහා අධිකරණ පරිශ්‍රය වෙත පැමිණ සිටිනු දක්‌නට ලැබීම මෙහි විශේෂ සිද්ධියකි.
« PREV
NEXT »

Facebook Comments APPID