BREAKING NEWS
latest

728x90

468x60

Gossip : නවතම iPhone 8 සහ iPhone x දුරකථනය නිකුත් වෙයි - මෙන්න වෙනස්කම්

ඇපල් සමාගම ඔවුන්ගේ නවතම iPhone දුරකථනය වන Apple X දුරකථනය ඊයේ ( සැප්තැම්බර් 12) එළිදැක්විය. මෙවර සුවිශේෂත්වය වන්නේ ඔවුන් iPhone දුරකථන වර්ග 3ක් එළිදැක්වීමයි.

එනම් පසුගිය වසරේ ඔවුන් නිකුත් කල iPhone 7 හා iPhone 7 Plus දුරකතනයට සමගාමිව නිකුත් කල එම දුරකථන දෙක වනුයේ iPhone 8 හා iPhone 8 Plus වේ. ඔවුන්ගේ iPhone 8 දුරකථනය එළිදැක්වීමත් සමග ඇපල් රසිකයින්ගේ ප්‍රතිචාර නම් එතරම් සුභදායි නොවිය.

එයට හේතුව නම් iPhone 7 හා iPhone 8 දුරකථන අතර ලොකු වෙනසක් නොතිබීමයි. එනම් වෙනසකට කියා තිබුනේ ඔවුන්ගේ Apple A10 Fusion චිප් එකට A11 Bionic chip එක ආදේශ කිරීම හා සමාන දෙයක්. කෙසේ නමුත් මෙවර Apple event එක conduct කරන Tim Cook මහතා කනස්සල්ලට පත් ඇපල් රසිකයන්ව හා අලුතින් නිකුත් වූ Apple iPhone 8 එක විහිළුවට ගත සියලුම දෙනාගෙ කටවල් වැහුවේ ඔවුන්ගේ නවතම iPhone X දුරකථනය හඳුන්වාදෙමිනි.

ඇපල් සමාගම ඔවුන්ගේ නවතම iPhone දුරකථනය වන Apple X දුරකථනය ඊයේ ( සැප්තැම්බර් 12) එළිදැක්විය. මෙවර සුවිශේෂත්වය වන්නේ ඔවුන් iPhone දුරකථන වර්ග 3ක් එළිදැක්වීමයි.

එනම් පසුගිය වසරේ ඔවුන් නිකුත් කල iPhone 7 හා iPhone 7 Plus දුරකතනයට සමගාමිව නිකුත් කල එම දුරකථන දෙක වනුයේ iPhone 8 හා iPhone 8 Plus වේ. ඔවුන්ගේ iPhone 8 දුරකථනය එළිදැක්වීමත් සමග ඇපල් රසිකයින්ගේ ප්‍රතිචාර නම් එතරම් සුභදායි නොවිය.

එයට හේතුව නම් iPhone 7 හා iPhone 8 දුරකථන අතර ලොකු වෙනසක් නොතිබීමයි. එනම් වෙනසකට කියා තිබුනේ ඔවුන්ගේ Apple A10 Fusion චිප් එකට A11 Bionic chip එක ආදේශ කිරීම හා සමාන දෙයක්. කෙසේ නමුත් මෙවර Apple event එක conduct කරන Tim Cook මහතා කනස්සල්ලට පත් ඇපල් රසිකයන්ව හා අලුතින් නිකුත් වූ Apple iPhone 8 එක විහිළුවට ගත සියලුම දෙනාගෙ කටවල් වැහුවේ ඔවුන්ගේ නවතම iPhone X දුරකථනය හඳුන්වාදෙමිනි.

iPhone X ගැන නම් සැහෙන්න කතා කරන්න වෙනවා. මොකද ෆෝන් එක ඒ තරම්ම සුපිරි. iPhone X එකත් iPhone හා iPhone 8 වලට සමාන ප්‍රමාණය දුරකතනයක් වුවත්, iPhone X හි Display එක සම්පුර්ණයෙන්ම වෙනස්. එනම් කලින් ආපු අයිෆෝන් වල වගේ මේකේ උඩින් හා යටින් කළු කෑලි නැහැ. මුළු ස්ක්‍රීන් එක පුරාවටම තියෙන්නේ Display එක. hom button අරවා මෙව්වා ඔක්කොම හලලා.

iPhone 8 සහ iPhone X හි ඔවුන් අලුතින් හඳුන්වා දුන් සුවිශේෂිතම තාක්ෂණයක් තමයි wireless charging එක. මේකේ බොහෝ දුරකථනය සමාගම් මීට වසරක් දෙකක් වගේ කලින් හඳුන්වා දුන්නත් ඇපල් දුරකතනයකට මෙම පහසුකම ලබාදුන්නේ ප්‍රථම වරට. ඇත්තටම කියනවා නම් මින් පස්සේ කේබල් ඇදගෙන, එහෙමත් නැත්තම් කේබල් කඩාගෙන, නිතර මාරුකරගෙන දඟලන්න ඕනේ නැහැ. ඔබ කොහේ හිටියත් ෆෝන් එක පාඩුවේ චාජ් වෙයි.

ඒ වගේම iPhone X හි ඇති තවත් සුවිශේෂී විශේෂාංගයක් නම්, ඉස්සර තිබ්බේ touch ID option එක වෙනුවට මෙවර ඔවුන් හඳුන්වා දී ඇත්තේ Face ID option එක. එහම කියනවට වඩා මෙහෙම කිව්වොත් තේරෙයි. ඉස්සර ඔයාලා ෆෝන් එක අන්ලොක් කරේ ඇඟිල්ල තියලා නේ. මින් පස්සේ ඔයාලගේ මුහුණ display එකට මුහුණලා ඇල්ලුවහම ෆෝන් එක අන්ලොක් වෙනවා. ඒ කියන්නේ කුඩා pixel 33,000 කට අධික ප්‍රමාණයකින් තමයි අපේ මුහුණේ දත්ත දුරකථනය තුල ගබඩා කර තබාගන්නේ. ඒ තුලින් කළුවර අවස්ථාවකදී වුනත් ෆෝන් එකේ ලොක් එක Face ID තුලින් අන්ලොක් කරගැනීමේ හැකියාව තියනවා.

මෙය හොඳ Option එකක් ලෙස එයාලා පෙන්වා දුන්නත් මට නම් එකේ ලොකු හොඳක් පේන්නේ නැහැ. මොකද අපි නිදාගෙන ඉන්න අවස්තාවක කව්රු හරි ඇවිත් අපේ ෆෝන් එක අරන් අපේ මුහුණට ලං කරලා ඇල්ලුවොත් ලොකු එක කැඩෙන්න පුළුවන්. ඒ වගේම ඕනෑම කෙනෙකුට බල කිරීමක් හෝ බය කිරීමක් කරලා, ෆෝන් එක මුහුණ ගාවට අල්ලලා ලොකු එක කඩාගන්න පුළුවන්. ඉතින් මේ දේවල් එක්ක බලද්දී මේ option එක ගැන නම් එතරම් සැහීමකට පත්වීමට නොහැක්කේ අපේ දත්ත වල ආරක්ෂාවට තර්ජනයක් වීය හැකි නිසා.

iPhone 7 හා iPhone 8 දුරකථන වල තිරය අඟල් 4.7 කින් වුවත්, නවතම iPhone X හි තිරය අඟල් 5.7 කින් යුක්තය. එනම් මෙය iPhone 7 Plus හා iPhone 8 Plus දුරකථන වල අඟල් 5.5. තිරයට වඩා ලොකුය.

තවද මතක දාරිතාව එනම් RAM එක. Chip එකට අමතරව දුරකථනය තිබෙන වේගය, එනම් පාවිච්චි කිරීමේදී stuck නොවී භාවිතා කිරීමට උපයෝගී වන සාදකයක් තමයි RAM එක. ලෝකේ තියන අනිත් හැම දුරකථන වලට වඩා වේගේ අතින් නම් ඇපල් දුරකථන ඉදිරියෙන් බව ඕනෑම කෙනෙක් අවිවධයකින් තොරව පිළිගත යුතු කාරණයකි. කලින් එනම් iPhone 7 හි RAM එක 2 GB වුන අතර නවතම iPhone 8 හා iPhone X හෝ RAM එක 3 GB වේ.

තවද iPhone X එලි දක්වන්නේ storage size එක 64GB සහ 256GB ලෙසින්. ඔවුන්ගේ මෙම නවතම iPhone X දුරකථනය පාට දෙකකින් නිකුත් වන අතර එය Space Gray, Silverයන වර්ණ දෙකෙන් නිකුත් වීමට නියමිතව ඇත.



ඒ වගේම iPhone X හි පිටුපස කැමරාවන් දෙකක් තිබෙන අතර, එය නම් පොඩි iPhone වලට කැමති අයට සුභ ආරංචියකි. මොකද මීට කලින් Apple එකෙන් මේ ඔප්ෂන් එක දුන්නේ iPhone 6S Plus, iPhone 7 Plus හා iPhone 8 Plus වලට පමණි. මෙවර ඔවුන් එය පොඩි දුරකථනය ( පොඩි කියන්නේ plus එකට සාපේක්ෂව හොඳේ ) ට අතලුත් කිරීම බොහෝ දෙනාගේ ප්‍රසාදයට ලක්වුනා.

ඒ වගේම ඇපල් ෆෝන් පාවිච්චි කරන ය මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි බැටරි ප්‍රශ්නය. ඒ ප්‍රශ්නයට නම් iPhone X එකෙන් ලොකු වෙනසක් කරලා තියනවා. ඒ කියන්නේ iPhone 7 එකේ බැටරිය මෙන් 150% ගුණයකින් තමයි ඔවුන්ගේ නවතම iPhone X දුරකතනය නිර්මාණය වී තිබෙන්නේ.

ඒ වගේම ෆාස්ට් චාජින් ඔප්ෂන් එකත් මෙහි හඳුන්වා දී තිබීම විශේෂත්වයකි. එනම් ඔබේ දුරකථනයේ බැටරිය 0% සිට 50% දක්වා චාජ් වීමට ගතවන්නේ විනාඩි 30 කට ආසන්න කාලයක් පමණි.

ඒත් කනගාටුවට කාරණය නම් iPhone 8 එක සැප්තැම්බර් මස 22 වන දින වෙළඳ පොලට නිකුත් කිරීමට නියමිත අතර, හැමෝම පුන පුනා බලා සිටින iPhone X දුරකතනය නම් වෙළඳ පොලට නිකුත් කිරීමට නියමිතව ඇත්තේ නොවැම්බර් මස 3 වන දිනයි. ඒ කියන්නේ තව මාස දෙකකට ආසන්න කාලයක් බලාගෙන ඉන්න වෙනාවා iPhone X එක ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය.

මේ හැමදේම කිව්වට මිල කිව්වේ නැහැනේ. ඒක ඇහුවොත් තවත් පිස්සු හැදෙයි.

iPhone X – 64GB එකක ඇමරිකානු මිල 999$, ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් 150,000 විතර.
iPhone X – 256GB එකක ඇමරිකානු මිල 1149$, ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් 175,000 විතර.

මේකේ ඇමරිකාවේ හා සෙසු ඉංග්‍රීසි රටවල් වල මිල. ගියපාර ඇමරිකාවේ iPhone 7 128GB එක release වුන ගමන් ශ්‍රී ලංකා සල්ලි වලින් රු.130,000 විතර වුනා . ඒ වෙනකොට ඒ ෆෝන් එකම ලංකාවේ මිල වුනේ 160,000 යි. ලංකාව කියන්නේ අමුතු රටක්. ලෝකේ නැති මිල දර්ශක මෙහෙ තියෙන්නේ. ඒ නිසා iPhone X 256GB එක ආපු ගමන් ලංකාවේ ගන්න බලන් ඉන්න කෙනෙකුට නම් අවමයෙන් රුපියල් 220,000 ක් වත් ගෙවන්න වෙයි.






අන්තර්ජාලය ඇසුරෙනි.
« PREV
NEXT »

Facebook Comments APPID