BREAKING NEWS
latest

728x90

468x60

කීර්තියට හානි කළැයි, මහජන බැංකු සභාපති දුම්රිය වෘත්තීය සමිති සන්ධානයෙන් කෝටි පහක් වන්දි ඉල්ලයි.

දුම්රිය වෘත්තීය සමිති සන්ධානය නම් සංවිධානයක කැ`දවුම්කරු ලෙස පෙනී සිටින එස්.පී. විතානගේ නමැති පුද්ගලයකු විසින් මාධ්‍ය සාකච්ඡුා පවත්වමින් ද්වේෂසහගත ප‍්‍රකාශ සිදු කරමින් තම කීර්තිනාමයට හානි සිදු කළේ යැයි පවසා මහජන බැංකුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා විසින් නඩු පවරා තිබේ. හේමසිරි ප‍්‍රනාන්දු මහතා විසින් දුම්රිය සේවයට අයතා අලාභයක් සිදු කිරීමට කටයුතු කරමින් සිටින බවට විතානගේ මහතා විසින් එම මාධ්‍ය සාකච්ඡුාවේදී චෝදනා කළේය. කෙසේ නමුත්, එම සියලූ චෝදනා පදනම් විරහිත බව පවසන හේමසිරි ප‍්‍රනාන්දු මහතා මෙලෙස අධිකරණයේ නඩු පවරමින් තවදුරටත් ස`දහන් කර ඇත්තේ එම පුද්ගලයා මෙවැනි ප‍්‍රකාශ මගින් තමාගේ කීර්තිනාමයට බරපතල හානියක් සිදු කිරීමේ චේතනාන්විත උත්සාහයක නිරත වන බවයි. 

දුම්රිය දෙපාර්තමේන්තුවේ තෝරන්නා යන තනතුරේ සේවය කරන එස්.පී. විතානගේ මහතාගෙන් රුපියල් කෝටි පහක වන්දි මුදලක් ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ දී මෙම නඩුව පවරා ඇත්තේ ඒ අනුවය. කෙසේ නමුත්, දුම්රිය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ දුම්රිය වෘත්තීය සමිති සන්ධානය නමින් පිහිටුවාගෙන ඇති මෙම සමිතියේ සාමාජිකයින්ගේ මුඛ්‍ය පරමාර්ථය වී ඇත්තේ පුද්ගලයින් ඉලක්ක කර ආක්‍රෝෂ පරිභව කරමින් ඉතා කුඩා කණ්ඩායමක් වන තම සංවිධානය වෙත සමාජ අවධානය දිනා ගැනීම බවයි. ඒ ස`දහා විවිධ අවස්ථාවන්වලදී විවිධ පුද්ගලයින් ඉලක්ක කරගෙන මෙවැනි අසත්‍ය හා පදනම් විරහිත චෝදනා එල්ල කරමින් කැපී පෙනීමට උත්සාහ කරන බවද එම ආරංචි මාර්ග සදහන් කරයි. 

මහජන බැංකුවේ සහ ශ‍්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ වත්මන් සභාපතිවරයා ලෙස කටයුතු කරන හේමසිරි ප‍්‍රනාන්දු මහතා, මීට පෙර ස්වාධීන රූපවාහිනී සේවය, ශ‍්‍රී ලංකා ටෙලිකෙම්, ගුවන්තොටුපළ හා ගුවන්සේවා අධිකාරිය යන ආයතන වල සභාපතිවරයා සහ තැපැල් අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස මෙන්ම ගරු අග‍්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණියගේ ලේකම්වරයා ලෙස ද කටයුතු කළ කීර්තිමත් පරිපාලන නිළධාරියෙකි. එසේම, දුම්රිය සේවය සම්බන්ධයෙන් විශේෂ ඇල්මක් දක්වන ඒ මහතා දුම්රිය සේවය සම්බන්ධයෙන් කෘතීන් කිහිපයක්ද රචනා කර ඇත.
« PREV
NEXT »

Facebook Comments APPID