BREAKING NEWS
latest

728x90

468x60

Dialog දුරකථන සබඳතා බිඳ වැටීම පිළිබඳ නොදැන්වීමෙන් පාරිභෝගික අයිතීන් කඩවුණා

ඩයලොග් දුරකථන සබඳතාවය පැය කිහිපයක් බිඳ වැටීම නිසා ඩයලොග් පාරිභෝගිකයින් අපහසුතාවයට පත්වීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් එම සමාගම වෙත ලිපියක් යවා තිබේ.

ඊයේ (20) පස්වරු 1.30 පමණ සිට පස්වරු 3.10 පමණ දක්වා පැය තුනකට ආසන්න කාලයක් ඩයලොග් දුරකථන සම්බන්ධතා අකි‍්‍රය වී තිබුණු අතර ඒ සම්බන්ධයෙන් ඩයලොග් සමාගම පාරිභෝගිකයන් වෙත දැනුම් දීමක් හෝ කණගාටුව ප‍්‍රකාශ කිරීමක් මේ දක්වා සිදුකර නොමැත.

ඒ සම්බන්ධයෙන් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් විරෝධතාවය දක්වමින් මෙම ලිපිය ඩයලොග් සමාගම වෙත යොමු කර ඇත.

ඊයේ (20) දින ඩයලොග් පාරිභෝගිකයන් පත් වුණු අපහසුතාවය සම්බන්ධයෙන් ඉදිරියේදී විරෝධතා ව්‍යාපාරයක් හා නීති මඟින් කටයුතු කරන බව එම ලිපිය මඟින් දන්වා තිබේ.


« PREV
NEXT »

Facebook Comments APPID