BREAKING NEWS
latest

728x90

468x60

මංගල අද නයිට් සෆාරියක

සංචාරකයන්ට නිශාචර සතුන් නැරැඹීමට පහසුකම් ලබාදීමේ අරමුණින් සැලසුම් කළ ලංකාවේ ප්‍රථම නයිට් සෆාරි ව්‍යාපෘතිය වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) රාත්‍රි 7.00 ට දෙහිවල ජාතික සත්ත්වෝද්‍යාන පරිශ්‍රයේදී ආරම්භ වේ.


රාත්‍රි සෆාරි ව්‍යාපෘතියෙහි ආරම්භක උත්සවයට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාත් වනජීවී නියෝජ්‍ය ඇමැතිනි සුමේධා ජී. ජයසේන මහත්මියත් සහභාගි වීමට නියමිතය.

නයිට් සෆාරි ව්‍යාපෘතිය යටතේ සතුන් නැරැඹීම පිණිස සංචාරය කළ හැක්කේ සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා යන දිනවල රාත්‍රි කාලයෙහි නිශාචර සතුන් රඳවා ඇති කලාපවල පමණි.

නයිට් සෆාරිය විවෘතව ඇත්තේ රාත්‍රි 7 සිට රාත්‍රි 10 දක්වා අතර කාලයේදීය.

මේ රාත්‍රි සෆාරියෙහි වැඩිහිටියකුගේ ප්‍රවේශ පත්‍ර ගාස්තුව රුපියල් දෙසීයක් වන අතර ළමයකුගේ ප්‍රවේශ පත්‍ර ගාස්තුව රුපියල් සීයකි.

නිශාචර සත්ත්ව කලාපවල පාගමනින් සංචාරය කළ හැකි අතර එහි සංචාරය සඳහා හඬ නොනැඟෙන සහ අටදෙනකුට එකවර අසුන් පැනවිය හැකි විදුලි මෝටර් රථයක් ලබාගන්නේ නම් ඒ සඳහා පැයකට රුපියල් දෙදහසක් ගෙවිය යුතුය.

උද්‍යානයෙහි රාත්‍රි සංචාරය කරන්නන් හට ආප්ප, රොටි, පරාට, කොත්තු, ඉදිආප්ප ආදියෙන් යුත් රාත්‍රි ආහාර වේලක් එහිදීම ලබාගැනීමේ පහසුකම්ද සලසා තිබේ.

මත්ස්‍ය සම්බාහන, උරග උයනෙහි පිඹුරන් ආදී සර්පයන් සමඟ ඡායාරූප ගැනීම, බෙංගාල ව්‍යාඝ්‍රයන්ට ආහාර ලබාදීම ආදී අංග ගණනාවක් සත්ත්වෝද්‍යාන නයිට් සෆාරි ව්‍යාපෘතියට ඇතුළත් කොට ඇතැයි සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ මහත්මිය පැවසුවාය.

SLM
« PREV
NEXT »

Facebook Comments APPID