BREAKING NEWS
latest

728x90

468x60

ලංවිමට අලුත් සේවකයන් බඳවා ගැනේ - පඩි වැඩිවේ.

ලංකා විදුලි බල මණ්ඩලයේ තාක්ෂණික නිලධාරීන්ට සියයට 13ක වැටුප් වැඩිවීමක් ද, තාක්ෂණික නොවන නිලධාරීන්ට සියයට 6ක වැටුප් වැඩිවීමක් ද ලබා දීමට ලංවිම අධ්‍යක්ෂ මණ්ඩලය තීන්දු කර තිබේ.


එම වැටුප් වැඩිවීම 2017 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වේ. ඒ අනුව මාස නවයක හිඟ වැටුපක් ද සේවකයන්ට හිමවනු ඇතැයි ලංවිම ආරංචි මාර්ග කියයි.

ලංවිමට අලුත් සේවකයන් බඳවා ගැනේ

ලංකා විදුලි බල මණ්ඩලයේ අත්‍යාවශ්‍ය සේවා පවත්වා ගෙන යාම සඳහා අලුතින් සේවකයන් බඳවා ගනීමට රජය තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 

විදුලි බල මණ්ඩලයේ සේවකයන් වැඩ වර්ජනය කිරීම නිසා ජනතාවට මුහුණ පෑමට සිදුවන අපහසුතා සැලකිල්ලට ගෙන රජය මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ. 
« PREV
NEXT »

Facebook Comments APPID