BREAKING NEWS
latest

728x90

468x60

ඩයලොග් ආයතනයේ සම්බන්දතා බිඳවැටීම සයිබප්‍රහරයක් ?


තම ජංගම දුරකථන සදහා ඩයලොග් සේවාවන් අත්විදින පාරිභෝගිකයන් හට පැය කිහිපයක ජංගම දුරකථන සේවාවන් ඩයලොග් ආයතනය මගින් අත්හිටුවා තිබෙනවා.

මෙයට හේතුව ඇත්තේ ඩයලොග් ආයතනයේ දත්ත ගබඩාව ඩයලොග් ආයතනයේ පාලනයෙන් ගිලිහි ඇති බවයි.එම නිසා ඩයලොග් ආයතනය ඔවුන්ගේ දුරකථන ජාලය පැය කිහිපයකට අත්හිටුවා ඇති බව ඩයලොග් ආයතනයේ නිල නොවන ආරංචි මාර්ග පවසා සිටියා.


එමෙන්ම මේ වන විටත් ඇතැම් ඩයලොග් පාර්භෝගිකයන් හට ඔවුන්ගේ සේවාවන් බිද වැටි ඇති බව එම ආයතනයට පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබෙමින් පවතින බවත් ඔවුන් සදහන් කර සිටියා.

එමෙන්ම මතු වී තිබෙන තත්වය පැය කිහිපයක් ඇතුලත යථා තත්වයට පත්වනු ඇති බව ඩයලොග් ආයතන ආරංචි මාර්ග සදහන් කර සිටියා. ඩයලොග් ආයතනයේ උද්ගත වී තිබෙන මෙම තාක්ෂණික දෝෂය සම්බන්ධයෙන් විවිධ සමාජ ජාලා සහ වෙබ් අඩවි මෙලෙස පල කර තිබුණි.



« PREV
NEXT »

Facebook Comments APPID