BREAKING NEWS
latest

728x90

468x60

ආයෙත් ජන සංහාරක යුද්ධයක් එපා .. අපිට ඕනෙ සාමයයි - අහන්න

යුද්ධය අවසන් වී හරියටම අවුරුදු අටයි. එය විජයග‍්‍රහණයක් ලෙස පිරිසක් කතා කරයි. තවත් පිරිසක් එය මහා ජන සංහාරයක් ලෙස කතා කරයි. යුද ජයග‍්‍රහණ සැමරුම් මහ ඉහළින් නැති එක ගැනද බොහෝ අය බොහෝ කතා කියති. කවුරුන් මොනවා කිව්වත්, යුද්ධය අවසන් වීම සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ ජයග‍්‍රහණයකි. දෙමළ වේවා, සිංහල වේවා, මුස්ලිම් වේවා හැමෝම යුද්ධය අවසන් වීම ගැන සතුටු වෙති. ඒ පිළිබඳ නැවත නැවතත් අටුවා ටීකා අවශ්‍ය වන්නේ නැත. යුද්ධය යනු දහස් ගණනින් ජීවිත අහිමි කරන කුරිරු අත්දැකීම් ගෙන දෙන්නකි. දේපළ විනාශ කර දමන ඉතාම අමිහිරි අත්දැකීම් ගෙන දෙන්නකි. ඒ අර්ථයෙන් යුද නිමාව කොයි කවුරුනුත් සතුටු කරවන්නකි.
එහෙත්, මේ සතුට සැබෑ සතුටක් කර ගත යුතුය. එසේ කර ගත හැක්කේ එවන් කුරිරු යුද්ධයකට පාර කැපූ සැබෑ හේතු පරාජය කිරීමෙන් පමණකි. එකී හේතු බීජයන් මුළුමනින්ම පරාජය කළේ නම්, එදාට එය සැබෑ ජයග‍්‍රහණයක් ලෙස සැමරිය හැකි වනු ඇත. එසේ නොවන තාක් කල් ජයග‍්‍රහණ සැමරීම තවත් දහස් සංඛ්‍යාත ජනතාවගේ සිත් පෑරීමකි. මක් නිසාද යත්, එය එකී ජනතාවගේ පරාජයක් ලෙස දැනෙන බැවිණි. යුද්ධය අවසන් වීම මහා ජයග‍්‍රහණයක් ලෙස සලකන විට තවත් ජන කොට්ඨාසයකට එය දැවැන්ත පරාජයක් ය යන හැඟීම ගෙන දෙයි. එවිට එක පැත්තක් දිනුවා යැයි කියන විට අනෙක් පැත්තෙන් පැරදුණා යන මනෝභාවය ඇති වෙයි. එය කිසිසේත්ම යුද්ධය ඇති වීමට බලපෑ ප‍්‍රධාන හේතු පරාජය කිරීමක් නොවන්නේය. නැවත නැවතත් සැබෑ හේතු ඉස්මතු කිරීමට ඉවහල් වන්නකි.

ඇතිතටම සාමය කියන්නෙ මොකද්ද ?

සාමය ‍යනු සහජීවනය පවතින එනම් එදිරිවාදකම් රහිතවූ අවස්ථාවකි. ප්‍රචණ්ඩ ජාත්‍යන්තර කලහයක විරාමය සනිටුහන් කිරීමටද මෙම පද වචනය භාවිත වේ; මෙම ජාත්‍යන්තර සන්දර්භය තුල අර්ථ විග‍්‍රහය කළහොත් පදයේ අර්ථය වනුයේ යුද්ධය ‍යන්නේ විරුද්ධාර්ථයයි. කිසියම් ඕනෑම පාර්ශවයන් කිහිපයක් අතර ගෞරවාන්විත සැළකිල්ල, යුක්ති සාධාරණත්වය, හා හොඳහිත යන ගුණාංග විදහාපාන සම්බන්ධතාවයක් පවතී නම් එයද සාමය ලෙස හැඳින්විය හැක.

සාමාන්‍ය වශයෙන් සැලකූ කල යම් අයෙකු වෙනත් පරිසර වලට සාපේක්‍ෂව සාමකාමී ලෙස හඳුන්වන නිසල, ශාන්ත, හා සන්සුන් පරිසරයක් ඇසුරෙහි පවතින්නේ නම් ඔහුට හෝ ඇයට සාමය ලඟා විය හැකිය. ඉහත ආකාරයේ සාමයක් යම් අයෙකුට ලඟා කර ගත හැක්කේ ස්වෝත්සාහයෙන් තම ඇතුලාන්ත චරිතය "සාමලැදි" බවට පත්කොට ගෙන ස්වකීය අභ්‍යන්තරයෙහි සන්සුන් බව, ශාන්ත බව හා සමතුලිතතාවය පවත්වාගෙන යෑමෙනි. 

යුද්ධය අවසන් වී හරියටම අවුරුදු අටක් වුවත් තවම ලංකාවේ සාමය තිබෙනවාද යන්න ගැටළුවකි. පහත ගීතයෙන් එය මනාව පිළිබිබු වන්නේය. බලන්න ඔයාගෙ වටිනා කාලවෙන් විනාඩි හතරක් වෙන් කරගෙන, අපි දැන් සිටින්නේ කොතනද ? අපි කුමක් කල යුතුද යන වග...

« PREV
NEXT »

Facebook Comments APPID