BREAKING NEWS
latest

728x90

468x60

දැරිය දූෂණය කර මරා දැමු සල්ලාලයා වසර 50ක් හිරේට

දියතලාව, ඇල්ලගම ප්‍රදේශයේදී අට හැවිරිදි දැරියක දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් වසර හතරක් පුරා බදුල්ල මහාධිකරණයේ විභාග වූ නඩුවේ විත්තිකරුට බරපතළ වැඩ සහිතව වසර 50 ක සිර දඬුවම් පෙරේදා (11) දින බදුල්ල මහාධිකරණ විනිසුරු තුසිත දේශප්‍රිය ගුණසේකර මහතා නියම කළේය.
මෙසේ සිර දඬුවම් නියම වූයේ දියතලාව, ඇල්ලගම, පාසල් කන්ද පදිංචිව සිටි විතාන ගමගේ නලින් ප්‍රියන්ත බණ්ඩාර (46) නැමැත්තෙකුටය.

2013-08-13  වෙනි දින ඇල්ලගම, පාසල් කන්ද ප්‍රදේශයේදී මෙම සැකකරු අසල්වැසි නිවසක සිටි එච්.එම්.මලිති නැමැති දැරිය සිය නිවසට කැඳවාගෙන ගොස් දූෂණය කිරීමෙන් පසු  ඝාතනය කර පැලකට ගෙන ගොස් දමා තිබියදී ගම්වාසීහු දැරියගේ සිරුර සොයා ගත්හ.
සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් තිබූ අතර පසුව ‍පොලීසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට  ඉදිරිපත් කර තිබුණි.

සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම, ස්ත්‍රී දූෂණයක් සිදු කිරීම, බරපතළ අපයෝජනයක් සිදු කිරීම යන චෝදනා තුන යටතේ මොහුට විරුද්ධව නඩු පවරා තිබුණි.

වසර හතරක් පුරා මහාධිකරණයේ  දීර්ඝ ලෙස විභාග කෙරුණු මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් රජයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්මාලි කරුණානායක හා රජයේ කනිෂ්ඨ අධිනීතිඥ අකිලා දල්පදාදු මහත්මිය පෙනී සිටිය අතර චූදිත වෙනුවෙන් රජයේ නීතිඥ නලින් වීරසිංහ මහතා පෙනී සිටියේය.

පෙරේදා දින නඩු  තීන්දුව ප්‍රකාශ කරමින් පළමු චෝදනාවට බරපතළ වැඩ සහිතව වසර 10ක සිර දඬුවමක්, දෙවන චෝදනාවට බරපතළවැඩ සහිතව වසර 20ක සිර දඬුවමක්, තෙවන චෝදනාවට බරපතළ වැඩ සහිතව වසර 20ක සිර දඬුවමක් හා එක් චෝදනාවකට රුපියල් දහස බැගින් තුන්දහසක දඩයක් නියම කර එය නොගෙවන්නේ නම් තවත් මාස තුනක සිර දඬුවම් නියම කළේය.
තවද මෙම සිර දඬුවම් වෙන වෙනම ගෙවී යන ලෙසට ක්‍රියාත්මක කරන ලෙසද නියෝග කළේය.
« PREV
NEXT »

Facebook Comments APPID