BREAKING NEWS
latest

728x90

468x60

සැප්තැම්බර් 18 සිට 24 ලග්න පලාපල

මේෂ 
මේ සතිය බොහෝ දුරට මිශ්‍ර ඵලදායක බව පෙනේ.අධ්‍යාපන කටයුතුවල යෙදෙන දරුවන්ට සාර්ථක ප්‍රතිඵල ලැබේ. අලුත් අලුත් දේ ඉගෙනීමට වරම් ලැබේ. ආයෝජන කටයුතු කිරීමේ දී කල්පනාකාරී වන්න. පවුලේ අය සමග සතුටින් කාලය ගතවේ.ගේදොර අලුත්වැඩියාවට සිත යොමුවේ. සිතේ සැනසීම තරමක් දුරට අඩුවේ. සතියේ මැද දී අවිවාහකයන්ට මංගල යෝග උදා වේ.සතිය ආරම්භයේ දී රැකියා අංශවල ගැටලුකාරී තත්ත්වයක් පැන නීමට ඉඩ තිබේ.රැකියා ස්ථානයේ සේවක ගැටලුවලට මුහුණ දීමට සිදුවිය හැක. සතිය මැද වන විට මෙතෙක් පැවති අයහපත් සෞඛ්‍ය තත්ත්වය යහපත් වේ. සෙම් රෝග වලින් ප්‍රවේශම් වන්න.
සුබ වර්ණය - රෝස, සුබ අංකය - 3.

වෘෂභ 
මේ සතිය බොහෝ දුරට සුබ ඵලදායක බව පෙනේ. අධ්‍යාපන කටයුතුවල යෙදෙන අයට සුබ ඵල උදා කරයි. විවිධ දේවල් ඉගෙනීමට ඉඩ සැලසේ. කෙටි ගමන් බිමන් සාර්ථක වේ. ලිපි ලේඛන කටයුතුවලට සුබ කාලයකි. බාල සහෝදරයන්, අසල්වාසීන් සමග සුහදත්වය ඇති වේ. කෘෂිකර්මාන්ත කටයුතුවලට සුබයි. ගෘහ ජීවිතය සාර්ථක වේ. අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමට හැකිවේ. මවුපිය උරුම හිමිවේ. රැකියා අපේක්ෂිතයන්ට නව රැකියා ලාභ ඇත. විදේශ ගමන්වලට බාධා ඇතිවිය හැකිය. සති මැද වන විට සෞඛ්‍යය තත්ත්වය ගැන සැලකිලිමත් වන්න.
සුබ වර්ණය - මිශ්‍ර ලා, සුබ අංකය - 6.

මිථුන
මෙම සතිය සුබඵල දායක වේ. දරුවන්ගේ අධ්‍යාපන ජයග්‍රහණ ගැන දැනගන්නට ලැබේ. ලේඛකයින්ට පොත්පත් ලිවීමට සුබ කාලයකි. ප්‍රයෝජන වත් ගමන් බිමන් යෙදේ. චිත්ත ධෛර්යය වර්ධනය වේ. අසල්වාසීන් අතර සුහදතාව වර්ධනය වේ. උසස් අයගේ ආධාර උපකාර ලැබේ. බාල සහෝදරයන්ට සුබදායක වේ.ගෘහ ජීවිතය ගැන සැනසිලිදායක බවක් ඇති විය හැකිය. දෙමාපියන්ට හා දරුවන්ට සුබ වේ. නීතිමය රාජ්‍ය අංශයේ උදව් බලාපොරොත්තු වන අයට යහපත් ප්‍රතිඵල ලැබේ. රැකියා හා ව්‍යාපාරික අංශවල සේවක සේවිකාවන්ගේ සහයෝගය ලැඛෙන සතියකි.සෞඛ්‍ය තත්ත්වය යහපත් වේ.
සුබ වර්ණය - කොළ,සුබ අංකය - 4

කටක
මෙම සතිය උදාවේ. අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉගෙනීමේ කටයුතු සාර්ථක කර ගැනීමට බලවත් උත්සාහයක් දැරීමට සිදුවේ. අසල්වාසීන් හා සහෝදර සහෝදරියන්ට සුභදායක වේ. ආදායම් තත්ත්වය යහපත් වේ. මුදල් ඉතිරි කර ගැනීමට හැකිවේ.ගෘහ ජීවිතය සාර්ථක වේ. ප්‍රේම සම්බන්ධතා වැඩි දියුණු වේ. අවිවාහක අයට මංගල යෝග උදා වේ. රැකියා ව්‍යාපාර නිරත වූවන්ට සුභදායක වේ. සෞඛ්‍ය තත්ත්වය යහපත් වේ.
සුබ වර්ණය - සුදු, සුබ අංකය - 2, 5

සිංහ 
මෙම සතිය සුබදායක වේ. අධ්‍යාපනය ලබන දූ දරුවන්ට ඉතා හොඳයි. නිදහස්ව අධ්‍යාපන කටයුතු කරගෙන යැමට හැකිවේ. ගෘහ ජීවිතයට තරමක බාධා ඇතිවේ. තැන්පත් ධනය වර්ධනය කරගත හැක. නිවසේ දියුණුවට බාධා ඇතිවේ. බිරිඳ හෝ සැමියාට සුබඵල දායක වේ. රැකියා හා ව්‍යාපාරික කටයුතු සාර්ථක වේ. නව රැකියා ලාභ ලැබේ. ආගම දහමට නැඹුරු වේ. විදෙස් ගමන්වලට සුබ ඵලදායක වේ. සෞඛ්‍ය තත්ත්වය යහපත් වේ.
සුබ වර්ණය - රෝස, සුබ අංකය - 3.

කන්‍යා 
මෙම සතිය තරමක සුබදායක වේ. අධ්‍යාපන කටයුතුවල යෙදෙන දරුවන්ට පොතපත අධ්‍යාපනයට අමතරව ප්‍රායෝගික අධ්‍යාපනයට යොමු වේ. ගෘහ ජීවිතය සාර්ථක වේ. ගෙදරදොර සාමය සතුට තහවුරු වෙයි. අවිවාහක තරුණ තරුණියන්ට මංගල යෝග උදා වේ. හදිසි ධන ලාභ හිමි වේ.නව මිත්‍ර සම්බන්ධතා ඇති වේ. සමාජ සේවා කටයුතුවලට සිත යොමුවේ. වැඩිහිටි අය අමනාප විය හැක. නීතිමය ගැටලුද ඇති විය හැක. රැකියා හා ව්‍යාපාරික කටයුතු සාර්ථක වේ. නව රැකියා ලැබේ. වියදම් ඉහළ යයි. විදෙස් ගමන් සාර්ථක වේ. වරින් වර සෞඛ්‍ය තත්ත්වයට බාධා ගෙන දේ.
සුබ වර්ණය - මිශ්‍ර ලා, සුබ අංකය - 6.

තුලා
මේ සතිය බොහෝ දුරට මිශ්‍ර ඵලදායක බව පෙනේ. අධ්‍යාපන කටයුතුවල යෙදෙන දරුවන්ට තරගකාරී කටයුතුවලින් ජය ලැබීමට වෙහෙසීමට සිදු වෙයි. විදෙස් අධ්‍යාපනයට මගඟ පෑදෙයි. ගෘහ ජීවිතය යහපත් වේ. බිරිඳ සැමියාට සුබදායක වේ. ආදායම් තත්ත්වය යහපත් වේ. සතුරු කරදර ඇති වේ. සමාජ සේවා කටයුතුවලින් ගෞරවය ලැබේ. යහපත් මිතුරන්ගෙන්, වැඩිමහල් සහෝදරයන්ගෙන් උදව් උපකාර ලැබේ.රැකියා හා ව්‍යාපාරික කටයුතු සාර්ථක වේ. රැකියා කටයුතුවලට ප්‍රධානීන්ගේ පැසසුමට ලක්වේ. රජයේ රැකියාවල නිරත වන්නන්ට හදිසි විදෙස් ගමන් යෙදේ. සති මැද වන විට සෞඛ්‍ය තත්ත්වය යහපත් වේ. සෙම් රෝග හා අධිරුධිර පීඩනය ඇති අය ප්‍රවේශම් වන්න.
සුබ වර්ණය - මිශ්‍ර ලා, සුබ අංකය - 6.

වෘශ්චික
මෙම සතිය සුබදායක වේ.අධ්‍යාපනයේ යෙදෙන දරුවන්ගේ මතක ශක්තිය අඩුවේ. අලස බව ජයගත යුතුය. යහපත් ගුරුවරු ලැබේ. ගෘහ ජීවිතය යහපත් වේ. ආදායම් තත්ත්වය යහපත් වේ. වැඩිමහල් සහෝදරයන්ට සුබදායක වේ. යහපත් මිතුරු මිතුරියන්ගෙන් උදව් උපකාර ලැබේ. රජයේ රැකියාවල නිරත අයට සුබඵලදායක වේ. ප්‍රධානීන්ගේ පැසසුමට ලක්වේ. තනතුරු උසස්වීම් ලැබේ. ව්‍යාපාරික කටයුතු සාර්ථක වේ. දුර ගමන් යෙදේ. ව්‍යාපාරික කටයුතු සාර්ථක වේ. සෞඛ්‍යය තත්ත්වය ගැන සැලකිලිමත් වන්න.
සුබ වර්ණය - සුදු, ක්‍රීම්, සුබ අංකය - 2.

ධනු
මෙම සතිය සුබදායක වේ. අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉගෙනීම් කටයුතු සාර්ථක කර ගැනීමට බලවත් උත්සාහයක් දැරීමට සිදු වේ. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. රහස් සතුරු කරදර ඇති වේ. ප්‍රයෝජනවත් යමක් යෙදේ. ගෘහ ජීවිතය යහපත් වේ. සතියේ මැද දී අවිවාහකයන්ට මංගල යෝග උදා වේ. සති මුල වියදම් අධික වුවත්, සති අග වන විට ආදායම් තත්ත්වය යහපත් වේ. පෙර පින භාග්‍යය ඇතිවේ. ආගම දහමට සිත යොමු වේ.රැකියා හා ව්‍යාපාර කටයුතු සාර්ථක වේ. නව රැකියා අපේක්ෂා ඉටුවේ. තනතුරු උසස් වේ. සෞඛ්‍ය තත්ත්වය තරමක් යහපත් වේ.
සුබ වර්ණය - කහ, තැඹිලි - සුබ අංකය - 05.

මකර
මෙම සතිය තරමක් සුබදායක වේ. අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉගෙනීම් කටයුතු සාර්ථක කර ගැනීමට උත්සාහයක් දැරීමට සිදු වේ. උසස් අධ්‍යාපනයට සුබයි. ගෘහ ජීවිතය යහපත් වේ. සහෝදරයන්ට සුබදායකයි. මිතුරන්ගේ සහයෝගය ලැබේ. වන්දනා ගමන් යෙදේ. ආගම දහමට සිත යොමු වේ.සතියේ මුල් දින කිහිපයේ රැකියා කටයුතුවලට ප්‍රධානීන්ගේ අප්‍රසාදය හිමි වූවත් සති අග වන විට එම බාධා ඉවත් වේ. නීතිමය ගැටලු ඇතිවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. රැකියා හා ව්‍යාපාර කටයුතුවලට සේවක සේවිකාවන්ගේ සහයෝගය ලැබේ. ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න. උෂ්ණ රෝග ඇති වේ.
සුබ වර්ණය - නිල්, සුබ අංකය - 7.

කුම්භ
මෙම සතිය සුබදායක වේ. අධ්‍යාපන කටයුතු වල යෙදෙන දරුවන්ට තර`ගකාරී කටයුතුවලින් ජය ලැබේ.සිතට සහනය ලැබේ.ගෘහ ජීවිතය යහපත් වේ.සැමියාට හෝ බිරිඳට සුබදායක වේ.සතියේ මුල් දින කිහිපයේ ආදායම් හා වියදම් තත්ත්වයේ සිදුවන අවහිරතා පාලනය කරගන්න.සති මැද වන විට ආර්ථිකය සුබදායක වේ.විවාහය ප්‍රමාද වූ අයට මංගල යෝග උදා වේ.විදෙස් රැකියා බලාපොරොත්තු වු අයගේ පැතුම් ඉටුවේ.රැකියා හා ව්‍යාපාර කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යැමට හැකිවේ.සේවක සේවිකාවන්ගේ සහයෝගය ලැබේ.ණය පහසුකම් ලබා ගැනීමට තිබූ බලාපොරොත්තුවක් සාර්ථක වේ.හවුල් ව්‍යාපාර සාර්ථක වේ. දියවැඩියාව, රෝග ඇති අය ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න. සතියේ මැද වන විට සෞඛ්‍යය තත්ත්වය යහපත් වේ.
සුබ වර්ණය - නිල්, සුබ අංකය - 07.


මීන
මෙම සතිය තරමක් සුබදායක වේ. අධ්‍යාපන කටයුතුවල නිරත දරුවන්ට සුබදායක වේ. චිත්ත ධෛර්යය ඉහළ යයි. ගෘහ ජීවිතය සාර්ථක වේ. බිරිඳ හෝ සැමියාට සුබ වේ. විවාහ අපේක්ෂිතයන්ට මංගල යෝග උදා වේ. සතුරු කරදර මර්දනය වේ. ණය පහසුකමක් ලබා ගැනීමට තිබූ බලාපොරොත්තුවක් සාර්ථක වේ.හවුල් ව්‍යාපාර සාර්ථක වේ. රැකියා කටයුතුවලට උසස් අයගේ ආධාර උපකාර ලැබේ. නීතිමය කටයුතු වලට ආධාර උපකාර ලැබේ. රැකියා ස්ථානවල අභියෝග වලට මුහුණ දීමට හැකිවේ. සතිය මැද වන විට සෞඛ්‍යය තත්ත්වය ගැන වඩා සැලකිලිමත් වන්න. දියවැඩියාව, කොලෙස්ටරෝල් වැනි රෝග ඇති අය ශරීර සෞඛ්‍යය ගැන වඩාත් සැලකිලිමත් වන්න.
සුබ වර්ණය - කහ, තැඹිලි, සුබ අංකය - 2, 5.

Rukshan Jayasekara
Ancestral Astrologer
International Architectual Astrology & Consulter
Jayani, Hakmana Road, Matara.
Telephone :  +94 41 570 9000 | +94 71 570 9000

« PREV
NEXT »

Facebook Comments APPID