BREAKING NEWS
latest

728x90

468x60

සනත් ගුණතිලක මංගල ගමන් යයි !


ශ්‍රී ලංකීය චිත්‍රපට ක්ෂේත්‍රයේ වැජඹෙන තරුවක් වුණු සනත් ගුණතිලක හිටිහැටියෙම මංගල ගමන් ගිහින් කියන කතාවක් අපිට පහුගිය දවසක අහන්න ලැබුණා. තනිකඩවෙලා හිටපු සනත් එකපාරටම මොකක්ද මේ කරපු වෙනස කියලා හොයලා බලද්දි අපිට ඒ ගැන ආරංචි වුනේ මේ වගේ කතාවක්...
Dialog ViU හඳුන්වාදෙන විනෝදේ මොබයිල් App එක මගින් සනත් ගුණතිලකයන්ගේ නිර්මාණයක් වන ”මංගල තෑග්ගේ දෙවැනි ගමන” මොබයිල් ටෙලි සිත්තම පහුගිය දවසක එළිදක්වලා තිබුණා. සිරිල් වික‍්‍රමගේ, රවින්ද්‍ර රන්දෙණිය, ජයලත් මනෝරත්න, මැණිකේ අත්තනායක, රමණි සිරිවර්ධන, වැනි එදා මුල් චිත‍්‍රපටයේ රඟ පෑ ජේෂ්ඨ රංගන ශිල්පීන්ද, ක්ලීටස් මෙන්ඩිස් නිමල් ඇන්තනි, ඇලෙක්සැන්ඩර් ප‍්‍රනාන්දු, විල්සන් කරු, ජයලාල් රෝහණ ඇතුළු චරිතාංග නළු නිලියන් රාශියක් මෙන්ම නව පරපුරේ නළු නිලියන් රැසක් මෙම ටෙලි සිත්තමට දායක වෙලා තියෙනවා.

Dialog ViU කියන්නේ ශ‍්‍රී ලංකාවේ වීඩියෝ විප්ලවය වෙනස් මඟකට ගෙන යමින් ඔබ කැමති චිත‍්‍රපට, ටෙලි නාට්‍ය , රූපවාහිනි වැඩසටහන්, ක‍්‍රීඩා වැඩසටහන්, දෙස් විදෙස් රූපවාහිනි නාලිකා ඇතුළු තවත් බොහෝ දේ නැරඹිය හැකි App එකක්.

ඒ වගේම Dialog ViU හඳුන්වාදෙන ''විනෝදේ'' කියන්නේ දහස් ගණන් සිංහල, දමිළ චිත‍්‍රපට සහ වීඩියෝ ඔබ අතමට ගෙන එන මොබයිල් App එකක්. මෙමගින් තෝරාගත් Dialog පාරිභෝගිකයන්ට මාස 12ක් පුරා ද, අනෙකුත් ජංගම දුරකථන ජාල පාරිභෝගිකයන්ට මාස 2ක් පුරා ද මාසික ගාස්තු නොමැතිව රිසි සේ නැරඹීමේ අවස්ථාව Dialog Axiata සමාගම විසින් ලබාදීලා තියෙනවා.

මෙම නිර්මාණය ප්‍රේක්ෂකයන්ට Dialog ViU ගෙනෙන ''විනෝදේ'' මොබයිල් App එක මගින් ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක ඕනෑම ජංගම දුරකථන ජාලයකින් නැරඹීමට හැකියාව පවතිනවා. ඒ වගේම Google Play Store හෝ App Store වෙත පිවිස Dialog ViU ඩවුන්ලෝඩ් කර විනෝදේ Open කර ඉතා පහසුවෙන් මෙම ටෙලි සිත්තම නැරඹීමට හැකියාවත් පවතිනවා.


ඉතින් පහුගිය දවසක සනත් ගුණතිලකගේ ”මංගල තෑග්ගේ දෙවැනි ගමන” කරළියට ආව අවස්ථාවේ ඡායාරූප එකතුව තමයි මේ.....









« PREV
NEXT »

Facebook Comments APPID