BREAKING NEWS
latest

728x90

468x60

නාමල් නිසා තමයි මම අරක්කු සිගරැට් බොන්නේ නැත්තේ – කපුකම කලෙත් එයා – රහසේම අඩුවියදමින් බැදපු සචිත්‍ර කියන කතාව මෙන්න

වර්තමානයේ ඉන්න ඉතා දක්ෂ ගීත නිර්මාණ ශිල්පියෙක් තමයි සචිත් පීරිස් කියන්නේ. අපි මේ කියන්න හදන්නේ සචිත් ගැන අලුත් ආරංචියක්. ඒ තමයි සචිත් පසුගිය අගෝස්තු පළමුවැනිදා යුග දිවියට එළඹුනා.

විශේෂත්වය තමයි සචිත්ගේ විවාහ මංගල්‍යය උත්සවයේ එක් මංගල ඡායාරූපයක්වත් කාටවත් දැකගන්න හම්බෙලා නෑ. මේකට හේතුවක් තියෙනවා කියලා තමයි සචිත් කියලා තියෙන්නේ. ඉතින් මේ ගැන සචිත් තමන්ගේ මුහුණු පොතේ සටහනක් දමා තිබුණා.

මේ එම සටහනයි.


සුභ පතපු හැම දෙනාටම ගොඩක් ස්තුතියි ! විශේෂ දෙයක් කියන්න තියනවා,
ගොඩක් දෙනා මගෙන් ඇහුවා wedding photo එක දාන්න කියලා.මගේ යාලුවෝ, ලඟම හිතවත් අය, නෑදැයෝ ඇහුවා අපිට wedding එක කිව්වේ නෑ නේ, අපිට Party එකක් ඕන වගේ දේවල්.එතකොට තවත් සමහර අය මගෙන් ඇහුවා අයි නාමල් රාජපක්ෂට කතා කරේ,ඇයි එයා එක්ක photo එකක් දැම්මේ ඔයාට හොඳ නෑ නේද කියලා. මේ හැම දේකටම මම උත්තර දෙන්නම්.

Wedding photo එකක් දාන්න අපි wedding photo එකක් ගත්තේ නෑ, Pre Shoot එකක් කරේ නෑ .අද දාපු photo එකත් මගේ camera එකෙන් මගේ හිතවත් මල්ලි කෙනෙක් ගත්ත එකක්.

Wedding එක කිව්වේ නැති හේතුව, අපි wedding එකට වෙන් කරලා සල්ලි වලින් බොහොම පොඩි මුදලකින් අපේ Registration එක විතරක් කරා. පවුලේ අයයි හැම වෙලාවේම ලඟින් හිටිය යාලුවෝ 4 දෙකුටයි විතරයි කිව්වේ.

මමත් මගේ wifeඋත් දෙන්නම මස් මාළු බිත්තර කිසි දෙයක් කන්නේ නෑ සහ මත් පැන් සිගරට් බොන්නේ නෑ.ඉතින් wedding එකක් කරොත් එන අයට ඒවා දෙන්න වෙන්නෙත් නෑ.අනිත් එක අපි දෙන්නට ආරාධනා කරන්න සැහෙන පිරිසක් ඉන්නවා.

ඉතින් එච්චර ලොකු මුදලක් එක දවසකට නාසති කරන්නේ නැතුව ඉතුරු සේරම මුදල් වලින් දුප්පත් පවුලකට ගෙයක් හදලා දෙන්න අපි තීරණය කරා. ඒකේ වැඩ ඉක්මනින්ම පටන් ගන්නවා හැබැයි ඉවර උනාම ඒවගේ photos දාලා ඒ මිනිස්සුන්ව අපහසුතාවයට පත් කරන්නේවත්. ඒ අයට උදව් කරා කියලා Publicly ගන්නවත් අපිට අදහසක් නෑ.එහෙම කරන්නෙත් නෑ.

නාමල් රාජපක්ෂයි ,අරවින්ද ලොකුගේ නැත්නම් (Dj ආරා) තමයි අපිට සාක්ෂි අත්සන් කරේ.

එකටත් හේතු ගොඩක් තියනවා. නාමල් මගේ පොඩි කලේ ඉඳන් යාළුවා. එයා නිසා තමයි මම අරක්කු සිගරට් කිසි දෙයක් බොන්නේ නැත්තේ .ඉස්කෝලේ යන කාලෙම අපි ඕවට යොමු වෙනකොට ,test karanna හදනකොට ඒවා වරදයි කියලා හොඳ මගට ගත්තේ එයයි.
අනිත් එක එයා තමයි මගේ wifeට මාව ගැලපෙනවා කියලා මාව marry කරන්න කියලා මුල්ම කපුකම කරේ.

අරවින්ද අයියා ගැන කියනවා නම් සෑහෙන ගොඩක් දේවල් තියනවා තියනවා. ඉතින් ලොකු ඉල්ලිඉමක් තියනවා කරන්න. පුළුවන් නම් ලොකු weddings ගන්නේ නැතුව සාමන්‍ය විදිහට කරලා. ඒකට වෙන් කරපු සල්ලි වලින් නැති බැරි කෙනෙක්ට උදව් කරන්න.පුළුවන් උපරිම විදිහට. ඒක පුළුවන් නම් Trend එකක් කරගන්න. එතකොට මේ පුංච් රටේ නැති බැරි අය ගොඩකට හොඳක් වෙයි.

ස්තූතියි,
සචිත් පීරිස්

කොහොමවුනත් සචිත් කරපු මේ වැඩේ හැමෝම අගය කරනවා. ගොඩක් අය බලන්නේ තමන්ගේ විවාහ මංගල්‍ය උත්සවය තවත් කෙනෙක්ගේ විවාහ මංගල්‍යය උත්සවයට වඩා උත්කර්ෂවත් ලෙස කරන්න. ඒ අතරින් රටේ ජනප්‍රිය පුද්ගලයන් විශේෂයි. ඉතින් ඒ වියදම් කරන මුදල්වලින් අසරණ පවුලකට පිළිසරණක් වෙන්න පුළුවන්නම් ඒ කරපු දෙයින් ලබන ආත්ම තෘප්තිය දවසින් දෙකෙන් ඉවර වෙන විවාහ මංගල්‍ය උත්සවයක වගේ නෙවෙයි හැමදාම තියෙන දෙයක්.


« PREV
NEXT »

Facebook Comments APPID