BREAKING NEWS
latest

728x90

468x60

හැටන් වංචාකාර මාධ්‍ය ලොක්කාගෙන් සෙසු මාධ්‍යවේදීන්ට තර්ජන

ගිනිගත්හේන නගරයේදී පසුගියදා 05 සංවිධානය කර තිබූ දේශපාලන රැස්වීමක් ආවරණය කිරීමට ගිය හැටන් ප්‍රාදේශීය මාධ්‍යවේදී සුන්දරලිංගම් මහතාට රංජිත් රාජපක්ෂ නැමති මාධ්‍යවේදියෙකු යැයි කියාගනිමින් විවිධ වංචාවල නිරතවන පුද්ගලයා පහර දීමට උත්සාහ කර තිබෙනවා.

සුන්දරලිංගම් මහතා මෙම රැස්වීම මාධ්‍ය ආවරණය කිරීමට ගොස් ඇත්තේ හිරු, දෙරණ සහ ස්වාධීන යන රූපවාහිනී නාලිකාවලින් මෙම රැස්වීම ආවරණය කරන ලෙස ලබාදුන් උපදෙස් අනුවයි.

සුන්දරලිංගම් මහතා සිය රූපවාහිණී ලෝගු සවිකර සිටියදී එම ස්ථානයට පැමිණි රංජිත් රාජපක්ෂ නැමැත්තා ප්‍රකාශ කර ඇත්තේ තමාගේ අනුමැතියකින් තොරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෙසු මාධ්‍යවේදීන්ට මාධ්‍ය ආවරණ සිදුකළ නොහැකි බවයි.

සුන්දරලිංගම් මහතාට පහරදීමට උත්සාහ කර ඇති රංජිත් රාජපක්ෂ ඇතුළු ඔහුගේ “හැටන් නිව්ස්” හි සේවය කරන මාධ්‍යවේදීන් යැයි කියාගන්නා විවිද ව්‍යාපාර සහ වංචනික ක්‍රියාවල නිරත පුද්ගලයින් මෙම පහරදීම සිදුකිරීමට උත්සාහ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සුන්දරලිංගම් මහතා සිය මාධ්‍ය ආයතනවලට දැනුම්දීමෙන් අනතුරුව ගිනිගත්හේන පොලීසිය වෙත පැමිණිල්ලක්ද සිදුකර තිබෙනවා.

හැටන් විහාරස්ථානයට යැයි පවසමින් ටිකට් පතක් නිකුත් කර මුදල් වංචාවක නිරත වූ රංජිත් රාජපක්ෂ ප්‍රදේශයේ දේශපාලඥයින්ගේ මුදල් ලබා ගනමින් සහ රූපවාහිනී නාලිකා ප්‍රධානීන්ට අල්ලස් ලබාදෙමින් සිදුකරන වංචනික ක්‍රියා සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට සිදුකරන තර්ජන ගර්ජන සහ කෙනෙහිලිකම් හෙළිකිරීමට ඉදිරියේදී අප සූදානම්.
« PREV
NEXT »

Facebook Comments APPID