අද අම්මලාට තිබෙනවාද?
ගර්භාෂයේ දරුවෙක් දරා ගෙන සිටි පමණින් ඇය අම්මා යෑයි හඳුන්වන්නට හැකි දැයි යන ප්‍රශ්නයට පිළිතුරු ලෙසින් දරුවෙක් ගර්භාෂයේ දරා නොගත්ත ද තමන්ගේ ලෙයින් නූපන් දරුවන්ට සැබෑම "අම්මාවරුන්" වන අම්මාවරු පෙන්වා දීමේ හැකියාව තිබේ. සැබැවින්ම දරුවෙක් කුසේ දරා නොගත්තද ඇයට මවක වීමේ අයිතියක් තිබිය යුතුය.
අදින් දශක කිහිපයකට එහා ග්‍රාමීය මවුවරු දරුවන් දහ දොළොස් දෙනෙක්‌ටත් වැඩිs දරුවන් පහළොවක් වැනි සංඛ්‍යාවක් ප්‍රසූත කළ අවස්‌ථා තිබේ. එවැනි වූ අම්මලා අදටත් නිරෝගීව සිටිනු දක්‌නට ලැබීම සතුටකි.
අදින් දශක කිහිපයකට එහා ගිය අම්මලා ඇසූ පිරූ තැන් ඇති අයය. ඔවුන්ට සමාජ අත්දැකීම් හොඳින්ම තිබේ. ඕනෑම ප්‍රශ්නයකට ඔවුන් සතුව පැවැති පිළිතුරු සමාජ හිතකාමි වීමේදී පවුලක සතුට මෙන්ම නිරෝගිකම ර¹ පැවතුණේ නිරායාසයෙනි. කිසිම දෙයකට "අනේ මම දන්නේ නැහැ." කියන පිළිතුර නොවූ නිසාවෙන්ම එදා අම්මා ඔවුන්ගේ දරු පවුල ගොඩ නගා ගත්තේ මනා වූ කැපවීමකිනි.
අම්මා ඇසූ පිරූ තැන් ඇති කෙනෙක් වීමේදී එවැනි අම්මලා ළඟ මහා විශාල ශක්‌තියක් ගැබ්ව තිබේ. එම ශක්‌තිය ලෝකය පවත්වාගෙන යැමට උදවුවක් සලසයි.
අම්මලාගේ එම ශක්‌තිය, බැඳීම් ගොඩනගා තබා ගන්නට හරි පුදුම උදවුවක් ලබාදෙන බව පෙනේ. එදා පවුලක තිබුණු විස්‌තෘත පවුල (මව, පියා, දරුවන්, ආච්චි, සීයා, නැන්දලා මාමලා) වෙනුවට අද න්‍යෂ්ටික පවුල (මව, පියා, දරුවන්) යන ඒකකය බිහි වී තිබේ. න්‍යෂ්ටික පවුල යනු හුදකලාවීමකි. විස්‌තෘත පවුල තුළ තිබෙන බැඳීම් න්‍යෂ්ටික පවුලක් තුළ දක්‌නට නොවේ.
අද සමාජය දෙස බලන විට අම්මලා දරුවන් පසුපසම සිටිති. එහෙත් එසේ වුවද තමන්ගේ පවුල තුළත් ආරක්‌ෂාවක් නැති දරුවන් දක්‌නට ලැබේ. මෙම තත්ත්වයට හේතුව න්‍යෂ්ටික පවුල් ඒකක ඇතිවීම බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. නගරයේ කෙසේ වුවත් ගම්වලත් අද බොහෝ තැනක අහළ පහළ සමග පවා සමීප සබඳතා ඇති තත්ත්වයට පත්වී නැති බවක් දක්‌නට ලැබේ.
අද වනවිට අම්මා විදේශගතවීම විශාල සමාජ ප්‍රශ්නයක් බවට පත්වී ඇති සැටියකි. අම්මා මැදපෙරදිග යැමේදී තාත්තාට අම්මා නැති අඩුව පුරවන්නට නොහැකි වූ තැන බොහෝ පවුල්වල නොසිතන ප්‍රශ්න ඇතිවේ. එවැනි පවුල්වල දරුවන් අම්මාගේ අනුදැනුමින් ඈත් වී ජීවත්වීම තුළ අම්මාගේ අත්දැකීම් නොලබා පවුල් ජීවිතවලට ඇතුළු වීමේදී බොහෝ ප්‍රශ්නවලට මුහුණදෙන තත්ත්වයක් ඇති වී තිබේ.
අම්මා සතු වගකීම
අම්මා සතු වගකීම සමාජයේ නිරෝගී බව රැකගැනීමට ප්‍රධාන විය යුතුය. ගෘහ මූලිකයා පියා වූවාට ශක්‌තිමත් තීරණ තිබුණේ අම්මා ළඟ බව අතීත සමාජය හොඳ හැටි පෙන්නුම් කර දෙයි. එම ශක්‌තිමත් තීරණ පවුලක යහපතට හේතුවක් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ.
එහෙත් අද අම්මලාට, අම්මලා වෙන්නේ කෙසේද කියන කාරණාව උගන්වන්නට කියා දෙන්නට සිදුවී ඇති තත්ත්වයක් සමාජය හමුවේ දක්‌නට ලැබේ. මේ අඩුව නිරෝගීභාවය ගිලිහිමට ප්‍රධාන හේතුවක් වී ඇති බව පිළිගත යුතු කාරණාවකි.
අම්මා ළඟ ඇය සතුවිය යුතු ගුණාංග අඩු වීම සමාජයට හානිsයකි.
මීට දශක කිහිපයකට පෙර අම්මලා තිබෙන සම්පත් ප්‍රයෝජනයට ගනිමින් අඩු පහසුතා හමුවේ හරි අපූරුවට ජීවත් වුණේ දරුවන්ට යහ මග පෙන්වා දෙමිනි.
ඔවුන්ට බෝ නොවන රෝග තිබුණේ කලාතුරකිනි. එදා අම්මලාගේ ගර්භාෂය නිරෝගීය. එහෙත් එවැනි වූ අම්මලාගේ දූ වරුන්ට රෝග හේතුවෙන් ගර්භාෂය ඉවත් කරන්නට සිදුවී තිබේ.
නිරෝගිකම සහ කාන්තාව කියන කතා බහේදී ඇය සතුවන වගකීම අඩුව ගිය නිසාවෙන් අද සමාජය බෝනොවන රෝග නිසාවෙන් පීඩා විදින අයුරුකි.
එදා අම්මලා නිවැරදි සතුට තේරුම් ගෙන සිටි බවක් අතීතය අපට පසක්‌කර දෙයි. එය හොඳින් දැනගෙන සිටි බවක් පෙනෙන්නට තිබේ. ඒ වෙනුවෙන්a ඔවුන් ලොකු ශක්‌තියක් ගොඩ නගා ගෙන සිටි බවක් පෙනේ. ඒ වෙනුවෙන් පුරෝගාමී චරිත වූ බවට සාක්‌ෂි තිබේ.
පවුලක දූ දරුවන් සමගියෙන් බැඳ තබා ගැනීමටත් පවුලක නිරෝගිභාවය වෙනුවෙනුත් අම්මා සතු වගකීම සුළුපටු නොවේ. අද සමාජයේ බොහෝ තැනක දක්‌නට නොමැති මෙම ගුණාංගය හමුවේ මහගෙදරට දරුවන් එකතු නොවන තත්ත්වයක් ඇති වන තත්ත්වයට සමාජය පිsරිහී ඇති බවක් දක්‌නට ලැබීම කනගාටුවට කරුණකි.
වෛද්‍ය අමරනාත් වාසල
ජ්‍යෙෂ්ඨ කළමනාකරු උපායමාර්ග ව්‍යවසාය
කළමනාකරණ ආයතනය