BREAKING NEWS
latest

728x90

468x60

විද්‍යා ඝාතකයෝ යාපනයේ තරුණියන් යොදා සෑදූ බ්ලූ ෆිල්ම් සියල්ල අන්තර්ජාලයට

යාපනය,පුංකුඩිතිව් ප්‍රදේශයේදී ශිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කිරීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන මහාලිංගම් සෂිකුමාර් හෙවත් ස්විස් කුමාර් නමැත්තා මීට පෙරද යාපනය තරුණියන් යොදා ගනිමින් අසැබ් වීඩියෝ පට පහක් පමණ සකස් කොට ඇති බවට තොරතුරු හෙළි වී ඇති බව යාපනය ආරක්ෂක අංශ ආරංචි මාර්ග සඳහන් කරනවා.

ස්විස්කුමාර් නැමැත්තා පිරිසක් සමග සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කළ විද්‍යා දැරිය දූෂණය කිරීමද වීඩියෝ කොට ජාත්‍යන්තරයට විකිනීමට සුදානම් කොට තිබු බවට දැරියගේ ඝාතන නඩුවේදී ලබාදුන් සාක්ෂි හමුවේ ප්‍රකාශයට පත් වුනා. 

විද්‍යා දැරිය ඝාතනයට සම්බන්ධ ස්විස් කුමාර් හා අනෙකුත් විත්තිකරුවන් මීට පෙරද අසැබ් වීඩියෝ පටිගත කොට විකුණා ඇති බවයි යාපනය ආරක්ෂක අංශ වෙත අනාවරණය වී ඇත්තේ. 
සැකකරු අදාළ වීඩියෝ විදේශගත පිරිස ඉලක්ක කර ගනිමින් නිපදවා ඇති අතර,අදාළ කාරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා. 

ශිවලෝගනාදන් විද්‍යා නමැති 18 හැවිරිදි පාසල් දැරිය පාසල් යන අවස්ථාවේදී සැකකරුවන් පිරිසක් විසින් පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කළා. 

ඒ සම්බන්ධයෙන් වන නඩු විභාගය විශේෂ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ යාපනයේ දී පැවැත්වෙනවා.
« PREV
NEXT »

Facebook Comments APPID