පඤ්ඤාලෝක හිමියන්ගේ පියා අසනීපයෙන් පසුවීම මත ගම් ප්‍රදේශය වන පදවියට ගොස් ඇති අතර ඉකුත් සෙනසුරාදා (12) අලුයම 2.15 ට පමණ ආපසු පැමිණි විට විහාරස්ථානයට සහ ආවාස ගෙට හානි කොට තිබු බැවින් උදෑසන පොලීසියට පැමිණිලි කළ බව පඤ්ඤාලෝක හිමියෝ පැවසුහ.
පිළිකුත්තුව රජ මහා විහාරස්ථානයට අයත් මෙම යෝගාශ්‍රමයෙහි මීට පෙර සිල් මාතාවන් දෙනමක් වැඩ වසා ඇති අතර මීට මාස කිහිපයකට පෙර මෙම හිමිනම වැඩමවා ප්‍රදේශවාසී දායක දායිකාවන්ගේ ආධාර උපකාර ඇතිව පවත්වා ගෙන ගොස් තිබේ.
මෙලෙස විහාර ගෙයට සහ ආවාසයට හානි කීරීම සම්බන්ධයෙන් ඒ අසල පදිංචිව සිටින පුද්ගලයකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවත් මෙලෙස හානි කිරීමට හේතුව කුමක්ද යන්න පිළිබඳ සොයා බලන බවත් පැවසූ මල්වතුහිරිපිටිය පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසන්න ජයලත් මහතා සැකකරු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත් පැවසීය.
දිනමිණ