BREAKING NEWS
latest

728x90

468x60

ඔසරි පොටින් ගිනස් පොතට යන්න මනාලිකගේ සැරසිල්ල

ලොව දිගම ඔසරි පොට සහිත ඔසරිය ඇඳ ගිනස් වාර්තාවකට හිමිකම් කීමේ අරමුණින් මානාලියක් ඊයේ (21) මහනුවර දී මංගල ගමන් ඇරඹුවාය.

රුවන් පුෂ්කුමාර නැමැති අය සමඟ යුග දිවියට එළඹීම නිමිත්තෙන් උඩරට මානාලියක සේ හැඩගැන්වුණු සජිනි ප්‍රියංගිකා මනාලියගේ ඔසරි පොට මීටර 3200කින් සමන්විත විය.

මීට පෙර මෙම ගිනස් වාර්තාවට හිමිකම් කියන ලද්දේ ඉන්දියානු කාන්තාවක් වන අතර ඇය මීටර 2800 ක දිගින් යුත් සාරිපොටක් සහිත සාරියක් ඇඳ ගිනස් වාර්තාව පිහිටුවා තිබිණි.
මනාල යුවළ ඊයේ (22) පෙරවරුවේ මහනුවර ගන්නෝරුව මංසන්ධියට පැමිණීමෙන් පසු ගිනස් වාර්තාව නිරීක්ෂණය කිරීම සඳහා නම්කර තිබූ කමිටුව ඉදිරියේ ඔසරි පොට ගැටඹේ මංසන්ධියේ සිට ඊරියගම මංසන්ධිය දක්වා දිග හරිනු ලැබීය.

ලොරියක පටවා තිබූ ඔසරි ‍පොට ඒ තුළ සිට දිග හරිනු ලැබූ අතර එය මාර්ගය එක පෙළට රැස්ව සිටි පාසල් සිසුවියන් 250ක් අල්ලා ගෙන සිටියහ.

මනාලියට සාරිය ඇන්දවීම ප්‍රවීන රූපලාවන්‍යය ශිල්පිනී ඉන්ද්‍රමාලා රාජපක්ෂ මහත්මිය ද, සාරිය සැපයීම මාලා සාරි ආයතනයේ මංජුල තිලකරත්න මහතා ද සිදුකර තිබේ.

මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතා මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයකු ලෙස පැමිණ සිටි අතර විවාහය සඳහා මල්කුමාරියන් 40ක් සම්බන්ධව සිටීම ද විශේෂත්වයකි.
« PREV
NEXT »

Facebook Comments APPID