ශ්‍රී ලාංකික පාසල් ශිෂ්‍ය ප්‍රජාව අතර ඩෙංගු රෝගය පැතිරයාම වැළැක්වීම සදහා සටන් කිරිමට නිර්මාණශීලි Mobile app එකක් හදුන්වාදීම කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (27) පෙරවරුවේ සිදු කෙරිනි.
“ඩෙංගු රෝගයෙන් මිදුණු දරුවෙක්” (DengueFreeChild) නමින් මෙම app එක නිර්මාණය කරන ලද්දේ අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, කොළඹ විශ්ව විද්‍යාලය, සිංගප්පූරුවේ Nanvang තාක්ෂණ විශ්ව විද්‍යාලය සහ මොබිටෙල් ශ්‍රී ලංකා ආයතනය ඒකාබද්ධවයි.
මෙම app එක මගින් වඩාත් ක්‍රියාකාරී ලෙස ඩෙංගු රෝගය සහ සැකකටයුතු ආකාරයෙන් පවතින උණ තත්ත්වයන් වාර්තා කිරීමේ හැකියාව භාවිත කරන්නන්ට ලබා දී ඇත. ඒ ඔස්සේ ආසාදිත ප්‍රදේශයන් වෙත ගොස් අදාල ක්‍රියාමාර්ගයන් ගැනීමටත්, මදුරුවන් බිත්තර දමන සහ මදුරු කීටයන් වාසය කරන ස්ථාන විනාශ කිරීමටත් හැකියාව ඇත.

