මෙවර නිදහස් කුසලාන තරගාවලියේ සිට ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව පෙන්නුම්කරන ‘GPS’ උපරකරණයක් පැළඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
මේ තරගාවලිය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දුර්වලතා හදුනා ගැනීම සදහා පරිඝනක මෘදුකාංගයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මිලදී ගෙන ඇති අතර එම මෘදුකාංගය ස්පාඤ්ඤයේ බාසිලෝනා පාපන්දු කණ්ඩායම භාවිතා කල මෘදුකාංගයක් බවයි වාර්තා වන්නේ.
එය ක්‍රිකට් ක්‍රීඩාවට ගැලපෙන පරදී වෙනස් කර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ දුර්වලතා හදුනා ගැනීමට බලාපොරාත්තු වන බවයි ක්‍රිකට් ආයතනය පවසන්නේ.

