BREAKING NEWS
latest

728x90

468x60

ඉතාලි පොලිසියට එරෙහිව නඩු කී ලාංකිකයා දිනුම්

ඉතාලියේ රැඳී සිටීමේ බලපත්‍ර තහනම් කළ හැක්කේ අපරාධකරුවෙකුට පමණක් වන අතර පුද්ගලයාගේ ආදායම ඊට බලනොපාන බව මිලානෝ උසාවිය විසින් ඊයේ තීන්දු කර තිබේ.

මේ තීන්දුව දී තිබෙන්නේ මෙතෙක් රැකියා කරමින් සිටි නමුත් ආර්ථික අවපාතය නිසා රැකියා අහිමිවීම හේතුකොට ගෙන සංක්‍රමණිකයන්ගේ රැඳී සිටීමේ බලපත්‍රය ආපසු දීර්ඝ නොකිරීම හෝ ආපසු ලබා ගැනීම බල රහිත කරමින් ය.

2005 වසරේ සිට මේ වනතෙක් තම රැඳී සිටීමේ බලපත්‍රය අයුතු ලෙස දීර්ඝ නොකර සිටීමට එරෙහිව මිලානෝ Questura නාගරික පොලිසියට එරෙහිව එහි කම්කරු කාර්යාලයක් හා එක්ව ශ්‍රී ලාංකිකයකු පවරා තිබු නඩුවක දී මේ තීන්දුව ප්‍රකාශ විය.

සාමාන්‍යයෙන් රැකියා කොන්ත්‍රාත්තුවක් නැතිවීම නිසා තම permesso Ue per lungosoggiornati හෙවත් දීර්ඝ කාලින රැඳී සිටීමේ බලපත්‍රය අහිමි වීමේ තර්ජනයට ශ්‍රී ලාංකිකයන් ඇතුළු සංක්‍රමණිකයන් බොහෝ දී තිබේ.

අපරාධ වරදක් නොකළ අයෙකුට එවැනි තහනමක් ගෙන ඒමට නොහැකි බව ප්‍රකාශ වූ මෙම තීන්දුව එහි පොලිසියට එරෙහිව ලැබුණු වැදගත් තීන්දුවකි.
« PREV
NEXT »

Facebook Comments APPID