BREAKING NEWS
latest

728x90

468x60

ඉතාලි කන්ටේනරයේ තිබූ එක්‌කෝටි පහළොස්‌ ලක්‍ෂයක හෂීස්‌, ගංජා, විස්‌කි රේගු දැලේ

ඉතාලියේ සිට මෙරටට එවා තිබූ භාණ්‌ඩ කන්ටේනරයක තිබූ රුපියල් එක්‌කෝටි පහළොස්‌ ලක්‍ෂ තිස්‌දහසක්‌ පමණ වටිනා හෂීස්‌, කුඩුකළ ගංජා සහ විදේශීය මත්පැන් තොගයක්‌ රේගු මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් පෙරේදා (04 වැනිදා) පස්‌වරුවේ අත්අඩංගුවට ගන්නා ලදී.

ඉතාලියේ සිට මෙරටට එවා තිබූ කන්ටේනරයක භාණ්‌ඩ පෙට්‌ටියක ඉතා සූක්‍ෂම ලෙස සඟවා තිබූ හෂීස්‌ ග්‍රෑම් 2945ක්‌, කුඩු කළ ගංජා ග්‍රෑම් 2000ක්‌ සහ විදේශීය විස්‌කි බෝතල් 220ක්‌, වයින් බෝතල් 225ක්‌ සහ බියර් කෑන් 100ක්‌ රේගු අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ සුනිල් ජයරත්න මහතා පැවසීය.

රේගු මත්ද්‍රව්‍ය නාශක අංශයකට ලැබුණු තොරතුරකට අනුව කළ පරීක්‍ෂා කිරීමකදී මෙම භාණ්‌ඩ අත්අඩංගුවට ගත් බවත් මේවා මුදා ගැනීමට පැමිණි පුද්ගලයන් දෙදෙනකු හා වාප්පු ලිපිකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්‍ෂණ සිදු කරන බවත් සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කළේය.

ඉතාලියේ සිට මෙරටට එවන භාණ්‌ඩ නිරන්තර රේගු පරීක්‍ෂාවට ලක්‌ කරන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

රේගු අධ්‍යක්‍ෂ කිත්සිරි ද සිල්වා මහතාගේ උපදෙස්‌ මත ප්‍රධාන රේගු නිලධාරි නිහාල් බිබිලේ මහතාගේ මෙහයවීමෙන් රේගු මත්ද්‍රව්‍ය නාශක අංශයේ රේගු අධිකාරිවරුන් වන බර්නාඩ් සුනිත්, ටී. බී. රන්දෙණිය, නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන බුද්ධික නිශාන්ත යන නිලධාරීන් විසින් වාප්පු ලිපිකරු සහ භාණ්‌ඩ මුදා ගැනීමට පැමිණි පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලදී.

අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් රංජිත් ළමාහේවා , නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ කේ. එච්. පී. කුමාරසිරි යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත රේගු මත්ද්‍රව්‍ය නාශක අංශයේ රේගු අධිකාරිවරුන් වන චන්න ශාන්තප්‍රිය, නුවන් අබේනායක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂවරුන් වන ශ්‍රීලාල් විෙ-වර්ධන, ඒ. ඩී. නිලංග, සහකාර රේගු අධිකාරිවරුන් වන සසන්ක ධර්මසිරි, අනුප්‍රියා සමාධි යන නිලධාරීන් වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.
NEXT »

Facebook Comments APPID