BREAKING NEWS
latest

728x90

468x60

අක්‌කාගේ බැංකු පොතෙන් සල්ලි ඇද්ද මල්ලීගේ අනියම් බිරිඳ අත්අඩංගුවට

අක්‌කාගේ බැංකු පොත සහ හැඳුනුම්පත සොරකම් කරගෙන ගොස්‌ ගාල්ල නගරයේ රාජ්‍ය බැංකුවකින් රුපියල් අසූපන් දහසක්‌ වංචනික ලෙස ලබාගෙන ඇති මල්ලි කෙනෙකුගේ අනියම් බිරිය පසුගියදා (29) අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්ගම ඕවකන්ද පදිංචි කාන්තාවකි. 

පොලිස්‌ පරීක්‌ෂණවලදී අනාවරණය වී ඇති ආකාරයට මෙම සැකකාරිය ගාල්ල කලේගාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සමඟ අනියම් සබඳතාවක්‌ පවත්වාගෙන ගොස්‌ තිබේ. මේ අතර පසුගිය 18 වැනිදා එම පුද්ගලයා තමාගේ අක්‌කාගේ බැංකු පොත සහ හැඳුනුම්පත සොරකම් කරගෙනවිත් අනියම් බිරිය ලවා අක්‌කාගේ ගිණුම පවත්වාගෙන යනු ලබන ගාල්ල නගරයේ රාජ්‍ය බැංකුවකින් රුපියල් අසූපන් දහසක්‌ ලබාගෙන ඇත. 

එසේ ලබාගෙන යළිත් බැංකු පොත සහ හැඳුනුම්පත ගෙන ගොස්‌ නිවසේ තිබූ තැනම තබා ඇත. මේ අතර ගිණුම් හිsමිකාර අක්‌කා අවශ්‍යතාවකට මුදල් ගැනීමට ගිය විට බැංකුව පවසා ඇත්තේ පොතේ මුදල් 18 වැනිදා ලබාගෙන තිබෙන බවය. එහෙත් ඇය පවසා ඇත්තේ තමා මුදල් ලබා නොගත් බවය.

පසුව මුදල් ලබා ගන්නා ආකාරය සහ මුදල් ලබාගත් අත්සන් පත්‍රිකාව පෙන්වූ විට ඇය ඒ තමා නොවන බව පවසා පොලිසියට පැමිණිලි කර ඇත. ඒ අනුව පරීක්‌ෂණ පැවැත්වූ පොලිසිය සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය ඊයේ (29දා) ගාල්ල මහෙස්‌ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. මේ අතර සැඟව සිටින සැකකාර මල්ලි අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්‌ෂණ ආරම්භ කර ඇත. 

ගාල්ල පොලිස්‌ අධිකාරි අනුරුද්ධ බණ්‌ඩාර හක්‌මනගේ මහතාගේ උපදෙස්‌ පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක අරුණලාල්, පොලිස්‌ පරීක්‌ෂක ආනන්ද, කාන්තා කොස්‌තාපල් ජනිතා (8263) යන මහත්ම මහත්මීන් විසින් වැඩිදුර පරීක්‌ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

අහංගම - සුගතපාල දීයගහගේ
« PREV
NEXT »

Facebook Comments APPID