BREAKING NEWS
latest

728x90

468x60

ටීන ඇදුන් අදින්නෙ කාට කාට ඔ්න විදුයට ද? | Teena Shanell Fernando

මේ දවස්වල මමයි, පියුමියි, අමායයි තමයි ගොඩාක් අයගේ මාතෘකාව. ලස්සන ඇඟවල් නැති, ලස්සන ඇඳුම් අඳින්න බැරි අය අපිව විවේචනය කරනවා. අපි නිළියෝ, අපි නිරූපිකාවෝ. අපිට ලස්සනට අඳින්න බැරිද ? ඒ ඇඳුම් ලස්සනයි කියලා ගොඩක් අය කිව්වා.

චන්දිමාල්ගේ බර්ත් ඩේ පාර්ටි එකට ගිහින් අපිට ඩාන්ස් කරන්න අයිතියක් නැද්ද ? අපි නිළියෝ කියලා ගිහින් ඉදගෙන ඉන්න ඕනේ නැහැ. චන්දිමාල්ගේ බර්ත් ඩේ පාර්ටි එකේ අපි කරපු ඩාන්ස් එක අපි ඇදපු ඇදුම් තමයි විවේචනයට ලක් වෙන්නේ. මේ රටේ මිනිස්සුන්ගේ ඔළු හදන්න බෑ.
මම අදින්නේ කාටවත් ඕන විදියට නෙවෙයි. අපිට නිරූපිකාවන් විදියට බිකිනි අදින්න පුළුවන් නම් ඔය වගේ ඇදුමක් අදින්න බැරි ඇයි. මට ලස්සන ඇගක් තියෙනවා. ඒ නිසා කොහෙන් වුණත් පෙන්නගෙන අදින්න මට පුළුවන්. ඒක කාටවත් මොකටද ?

ඔය වගේ ඇදුම් අදින්න බැරි අය අපිව විවේචනය කරලා ඊර්ෂ්‍යාව පෙන්නන්නේ. චන්දිමාල්ගේ පාටියට කී දෙනෙක් ආවද ? හැබැයි කතා වෙන්නේ මමයි, අමායයි, පියුමියි ගැන. අපි ගැන කතා වෙන්නේ විශේෂත්වයක් තියෙන නිසානේ. කවුද අපිට ඇගිල්ල දික් කරන අයගෙන් සර්ව සම්පූර්ණ. අපි මේ පාටිය නිසා තවත් හිට් වුණා. ඔය ඇග පුරා පොරවාගෙන ආපු අය ඕන තරම් වැරදි කරනවා. ඒ අය කසාද කීයක් කරගෙන තියෙනවාද, පවුල් කඩලා තියෙනවාද ?

ඒ ගැනයි කතා කරන්න ඕන. අපි එතනට ගිහින් නැටුවේ කළගෙඩි නැටුමක්, ලී කෙළි නැටුමක් නෙවෙයි. නෝටි ක්වීන් තේරීමේ තරගයට සෙක්සි ඩාන්ස් එකක් අපි ඉදිරිපත් කළේ. නටන්න බැරි අය අපිව විවේචනය කරනවා. අපේ ෆොටෝ එඩිට් කර කර සූම් කර කර සමහරු පහත් සතුටක් ගන්නවා. අපි නිරුවත්ව නැටුවේ නෑ. ස්ටේජ් එකේ බුදියගත්තේ නැහැ. අපි කරන්නේ අපිට ඕනේ දේ. අපිට කියන දේවල් ඒ අයටම කවදාහරි බලපායි.
« PREV
NEXT »

Facebook Comments APPID