BREAKING NEWS
latest

728x90

468x60

ICC විසින් චන්දිමාල් වරදකරු කෙරේ - තරඟ තහනමක් පනවයි - වීඩියෝ

බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායමට එරෙහිව පැවති දෙවෙනි ටෙස්ට් තරගයේදී පන්දුව පලුදු කිරීමේ චෝදනාවට වැරදිකරු බව තීරණය කෙරුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තරග තහනමක් පණවනු ලැබ තිබේ.


ඒ අනුව කොදෙවු පිල සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දීම ඔහුට තහනම් කර තිබේ.

එයට අමතරව ටෙස්ට් තරගය සඳහා ඔහුට ගෙවන ලද සම්පූර්ණ මුදල දඩ වශයෙන් අයකර ගැනීමටත්, දඬුවම් ලකුණු දෙකක් ලබාදීමටත් තරග තීරක ජවගාල් ශ්‍රීනාත් තීරණය කොට තිබේ.

තරග තීරකවරයාගේ තීන්දුව සම්පූර්ණයෙන්ම අනුමත කරන බව ජගත් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක ඩේවිඩ් රිචඩ්සන් පැවසීය.

පන්දුව පලුදු කිරීමේ චෝදනාව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ප්‍රතික්ෂේප කරන අතර, තීන්දුවට එරෙහිව පැය 48ක් ඇතුළත අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඔහුට හැකියාව තිබේ.

– BBC


« PREV
NEXT »

Facebook Comments APPID