BREAKING NEWS
latest

728x90

468x60

කරාපිටිය රෝහලේ ළමා දැඩිසත්කාර ඒකකයේ මැස්‌සන් - අසල ඇති මුළුතැන්ගෙයි අපවිත්‍ර බව වෛද්‍යවරයෙක්‌ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්ට පෙන්වා දෙයි

කරාපිටිය ශික්‌ෂණ රෝහලේ ළමා දැඩිසත්කාරක ඒකකයේ මැස්‌සන් පවා සිටින බවත් මේ නිසා ඒ ආසන්නයේ ඇති මුළුතැන්ගෙය පිරිසිදුව තබාගැනිමේ වැදගත්කම එම ඒකකයේ වෛද්‍යවරයකු විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා වෙත පෙන්වා දී ඇත.

ළමා දැඩිසත්කාරක ඒකකයේ ධාරිතාවය වැඩිකිරීමේ කටයුතු සොයාබැලීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂ ජනරාල්වරයා විසින් කළ නිරීක්‌ෂණ චාරිකාවේදී වෛද්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ නිසා මුළුතැන්ගෙයි අවට පිරිසිදුව තබා ගැනීමේ වැදගත්කම ළමා දැඩිසත්කාරක ඒකකයේ වෛද්‍යවරයකු විසින් පෙන්වා දුන්නේය.

පිරිසිදු කිරීම ඉතා වැදගත් එක්‌ පසෙකින් මුළුතැන්ගෙය තියෙනවා. අනික්‌ පැත්තෙන් ගේට්‌ටුවක්‌ තියෙනවා. දොර අරිනවිට මැස්‌සෝ පවා එනවා ළමා දැඩිසත්කාරක ඒකකයට. මට කියන්න ලැඡ්ජයි මාගේ ළමා දැඩිසත්කාරක ඒකකයේ මැස්‌සෝ ඉන්නවා කියලා. ළමා දැඩිසත්කාරක ඒකකයේ වෛද්‍යවරයකු සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂක ජනරාල් අනිල් ජාසිංහ මහතා වෙත දන්වා ඇත.

එමෙන්ම ළමා දැඩිසත්කාරක ඒකකයේ ධාරිතාවය වැඩිකිරීමේදී ඇතිවන කාර්ය මණ්‌ඩල ගැටලු ගැනද මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂක ජනරාල්වරයා දැනුම්පත් කර ඇත. කරාපිටිය ශික්‌ෂණ රෝහලේ හෙද හෙදියන් 600කගේ පමණ හිඟයක්‌ පවතින බව මෙහිදී අනාවරණය වී ඇත. ළමා දැඩිසත්කාරක ඒකකයේ ධාරිතාවය වැඩිකිරීම සදහා අවශ්‍ය සම්පත් මෙන්ම හෙද හෙදියන් වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්‌ඩලය කඩිනමින් ලබාදෙන බැව් මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්‌ෂක ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසීය.

ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කළුආරච්චි - ගාල්ල
« PREV
NEXT »

Facebook Comments APPID