BREAKING NEWS
latest

728x90

468x60

ජන වර්ග සමූල ඝාතනය ලෝකයට හඳුන්වාදුන්නේ ඉංග්‍රීසීන්

16 සහ 17 වැනි සියවස් සැලකෙන්නේ ලෝක දේශපාලනයේ විසල් පරිවර්තන සිදුවූ යුගයක් ලෙසය. එහිදී විශේෂ සංසිද්ධියක් වන්නේ යුරෝපයේ ජනගහනය මහා ප්‍රවාහයක් සේ ලොව පුරා පැතිර යෑමය. යුරෝපීය රාජ්‍යයන් තුළ එතෙක් පැවැති සමාජ, ආර්ථික සබ¼දතා ජනගහනයේ වර්ධනයට සාපේක්ෂ්ව ප්‍රමාණවත් නොවීය. 1750දී බි්‍රතාන්‍යය ප්‍රමුඛ යුරෝපීය රාජ්‍යයන්හි ජනගහන එකතුව කෝටි 140ක්වූ අතර 1800දී කෝටි 180ක්ද, 1850දී කෝටි 266ක්ද 1900 කෝටි 401ක්ද වශයෙන් ඉහළ ගියේය.

මිනිස් සංඛ්‍යාවේ ඒ සා මහත් වැඩිවීමක් ඕනෑම සමාජ දේශපාලන ක්‍රමයකට දැඩි බලපෑමක් සිදුවේ. මෙම ජනගහන වැඩිවීම ලෝක ඉතිහාසය එතෙක් ගත් මඟ වෙනස් කළේය.

1815 සහ 1914 කාලය තුළ යුරෝපීයයන් කෝටි 200ක් අනෙකුත් මහද්වීප කරා සංක්‍රමණය වූයේය. එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව ජනවාස වූයේ යුරෝපයෙන් ගලා ආ වැඩිපුර ජනයා විසිනි. මහාද්වීප අතරින් ඉතා කුඩා මහාද්වීපය වූ යුුරෝපය මිනිස් වර්ගයාගෙන් තුනෙන් එකක් සපයා තිබිණි. යුරෝපීය ශිෂ්ටාචාරය ලෝකය මුළුල්ලේ පතුරවන ලද්දේ ඔවුන් විසිනි. ජනගහනය වැඩි වූයේ යුරෝපයේ සිවිල් යුද්ධ හා කෘෘරකම් අවසන් වීම සහ වෛද්‍ය විද්‍යාවේ වේගවත් දියුණුව හේතුවෙනි.

වර්ගවාදී හා ආගම්වාදී යුද්ධවලින් යුරෝපය නිදහස් වූ අතර ගිනි ඇවිළුණේ පෙරදිග ලෝකය තුළය. ඇමෙරිකන් මහාද්වීපය තුළය. ස්වදේශික ජන කොටස් සමූල ඝාතනය කරන ලද්දේ කාලතුවක්කු සවි කළ රුවල් නෞකාවලින් පැමිණි සුදු මිනිසුන් විසිනි. එම නෞකාවල ඔසවා තිබුණේ කුරුස ධජයය. ඒවා අයත් වූයේ යුරෝපා වෙළඳ සමාගම්වලටය.
1815 ජනවාරි මාසයේ බි්‍රතාන්‍ය සේනාංක බලන දුර්ගයෙන් ඇතුළු වන විට බි්‍රතාන්‍යයන් සිටියේ ප්‍රංශයේ නැපෝලියන් බොනපාට් සමඟ ආරම්භ කෙරුණු ඓතිහාසික වොර්ටලු සටනේ අවසන් අදියරයේය. බි්‍රතාන්‍යයන් යුරෝපයේ ලද පරාජයන්ට සාපේක්ෂව ජයග්‍රහණයක පණිවුඩයක් යැවීමට ආණ්ඩුකාරයාට නිසැක ලෙසම අවශ්‍ය වන්නට ඇත. එහෙත් ඔහුට ස්වකීය අරමුණ ඉටු කරගත නොහැකි විය.

පෙඩ්රික් නෝර්ත් 1803දී මහනුවර ආක්‍රමණය කළේය. එහෙත් එසේ ආක්‍රමණය කරන්නට තරම් සාධාරණ හේතුවක් නොතිබුණේය. ඊට ඉවහල් වූයේ ඇහැළේපොළ මහ අදිකාරම සමඟ සිදුකළ කුමන්ත්‍රණ පමණි. 1815දී මහනුවර නගරය ආක්‍රමණය කරන්නට රොබට් බ්‍රවුන්රිග් හේතු සොයාගෙන තිබිණි. එනම් තුන් කෝලරයේදී බි්‍රතාන්‍ය ජාතිකයන් කිහිපදෙනකු කොල්ලකෑමට ලක්වීම සහ ඔත්තුකරුවන් ලෙස ගැනිම නිසා වෙළෙඳුන් පිරිසකට මහනුවරදී දඬුවම් නියම කිරීමය. ඔවුන්ගේ අංග ඡේදනය කොට කිහිපදෙනකු මරණයට ලක් කළ බවද කොළඹට වාර්තා වී තිබිණි. රාජ්‍යයේ පැවැත්මට හානි කරන චරපුරුෂයන්ට දඬුවම් පැමිණ වීම එවකට පැවැති නීතිය මිස රාජසිංහ රජුගේ කෘෘර අපරාධයක් නොවේ.

එහෙත් බ්‍රවුන්රිග් මහනුවර ආක්‍රමණයට මෙවැනි සිදුවීම් දඩමීමා කරගත්තේය. ඇත්ත වශයෙන්ම මහර ප්‍රදේශයේ පදිංචි මෙම වෙළෙඳුන් ජෝන් ඩොයිලිගේ ඔත්තුකරුවෝ වෙති. රාජද්‍රෝහි වී සතුරන්ට ඔත්තු සැපයීමෙන් ලැබෙන ප්‍රතිඵලය පහත රට වැසියන්ට දැක ගන්නට සැලැස්වීම, අංග විකල කොට පලවා හැරීමේ අදහස වන්නට ඇත.
මෙම දඬුවම් 19 වැනි සියවසේ මුල් භාගය දක්වාම බි්‍රතාන්‍යයේද පැවැති බව ඉංග්‍රීසීන්ට අමතකය. රාජද්‍රෝහීන් ප්‍රසිද්ධියේ කැබැලිවලට කපා මහජනයා ගැවසෙන තැන්වල දැමීම යුරෝපයේ සිරිතකි. රෙපරමාදු ආගමිකයන් සිය ගණනින් නගර මධ්‍යයේ පණපිටින් පුලුස්සා දැමීම පළමු වැනි එළිසබෙත් රැජන අවධියේද බි්‍රතාන්‍යයේ සිදුවිය.
නමුත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ම්ලේච්ඡ ඝාතකයකු ලෙස හංවඩු ගසන්නට ඔවුහු මෙම සිදුවීම යොදා ගත්හ. ඔවුන් කන්ද උඩරට ආක්‍රමණය කළේ ම්ලේච්ඡයාගෙන් දේශීය ජනයා මුුදා ගැනීම පිණිස යැයි ඉතිහාසය ලීවෝය. ඕස්ට්‍රේලියාවේ ඇබොර්ජින්වරු, නවසීලන්තයේ මව්රිස්වරු, එක්සත් ජනපදයේ රතු ඉන්දියන්වරු සමූල ඝාතනය කළේ වර්තමානයේ මානව හිමිකම් ගැන ඉහළින් කතා කරන ඉංග්‍රීසීන් විසිනි.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිටුවහල් කිරීමෙන් පසු 1818 කැරැල්ල මැඬ පැවැත්වීම සඳහා ඉංග්‍රීසින් කන්දේ නුවර රාජධානියේ ගේ - දොර වතු - පිටි, හරක - බාන පමණක් නොව බාල - මහලු සියල්ලන් සමූල ඝාතනය කළ බවට උෟව - වෙල්සස්ස ජනතාව දනිති. ශ්‍රී වික්‍රම රජුට එරෙහිව නඟන චෝදනාවල සත්‍යයක් හෝ පදනමක් නැත. සත්තකින්ම ම්ලේච්ඡයන් වූයේ යුරෝපීයයන්ය. ස්වාධීන රාජ්‍යයක පැවැත්ම වනසා රාජ්‍ය පාලකයා කුදලා රැගෙන යෑමට වඩා තවත් ම්ලේච්ඡකමක් තිබේද?

සාමය, මානව හිමිකම්, යුක්තිය, සදාචාරය මේ සියල්ල අවශ්‍ය තැන්හි කණපිට පෙරළිය හැකි ධර්මතාවෝ වෙති. ඔවුන්ට අවශ්‍ය ඕනෑම මොහොතක පවතින නීති සම්ප්‍රදායයන් අතික්‍රමණය කළ හැකිය. එය නූතන ලෝකයේ වුවද ඕනෑම පාලකයකුට වලංගුය.

අංග ඡේදනය කොට මහමඟ ප්‍රදර්ශනය, ටයර් එකයි, තෙල් ගැලුමයි භාවිත කොට මහමඟ මිනිසුන් පුලුස්සා දැමීම, වෙඩි තබා ගංගාවල පා කර හැරීම, හිස් ගෙඩි රිටිවල ගසා ප්‍රදර්ශනය කිරීම ඉතාම යහපත් නීති පද්ධතියක් ඇති බව කියන නූතන ලංකාවේ 1971 සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ පාලන සමයේ මෙන්ම 1977-94 ජනාධිපති ජයවර්ධන මහතාගේ සහ රණසිංහ ප්‍රේමදාස මහතාගේ පාලන සමයේද ජනතාවට දකින්නට ලැබිණි.
ශ්‍රී වික්‍රම රාජසිංහ ද්‍රෝහියකු ලෙස නම් කිරීමට බි්‍රතාන්‍ය පාලනය ඉදිරිපත් කරන චෝදනා කිසිසේත් ප්‍රමාණවත් වන්නේ නැත.
« PREV
NEXT »

Facebook Comments APPID