BREAKING NEWS
latest

728x90

468x60

ලංකවේ ලකුණු 3ක් අඩුකළ ICC අමුතුම ශ්‍රේණිගත කිරීම

වතම ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද ප්‍රකාශයට පත් කළා.

එහි කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි කිසිදු ස්ථානයක වෙනසක් සිදුව නොමැති නමුත් 6 වන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාවට හිමි ප්‍රසාද ලකුණු 3ක් අහිමි වී තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තවදුරටත් 9වන ස්ථානයේ පසුවන අතර ඔවුන්ට හිමි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 5කින් ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්.

මේ අතර, පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 41 වන ස්ථානය දක්වා ස්ථාන 10කින් ඉදිරියට පැමිණිමට ළහිරු කුමාර සමත්ව තිබෙනවා.

ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රජිත 44 වන ස්ථානය දක්වා ස්ථාන 27කින් ඉදිරියට පැමිණ ඇති බවයි.

සුරංග ලක්මාල් 28 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර එය ඔහු ලබා ගත් ඉහළම ශ්‍රේණිගත කිරීම් ස්ථානයයි.

කොදෙව් නායක ජේසන් හෝලඩර් ස්ථාන 11කින් ඉදිරියට පැමිණ ඇති අතර ඔහුට 25 වන ස්ථානය හිමිව තිබෙනවා.

ඔහු පිතිකරණ අංශයේ ද 54 වන ස්ථානය දක්වා ස්ථාන 10කින් ඉදිරියට පැමිණිමට සමත්ව ඇති අතර ශ්‍රී ලංකා පිතිකරු නිරෝෂන් දික්වැල්ල 37 වන ස්ථානය දක්වා ද, දිල්රුවන් පෙරේරා 85 වන ස්ථානය දක්වා ද ඉදිරියට පැමිණ ඇති බව සදහන්.
« PREV
NEXT »

Facebook Comments APPID