BREAKING NEWS
latest

728x90

468x60

14 හැවිරිදි දැරිය ගැබිනියක කළ නරුම තාත්තා

පාසල් සිසුවියක්‌ වූ තම එකම දියණිය දූෂණය කර පසුව ඇය බිය වද්දා දිගින් දිගටම රහසිගතව අඹුසැමියන් සේ එක්‌ව දියණිය මාස පහක ගැබිනියක්‌ කළ පියකු කුරුණෑගල මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නියෝග මත ජූලි මස 2 වැනිදා තෙක්‌ බන්ධනාගාරගත කිරීමට 18 දා නියම විණි.

කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි මහින්ද දිසානායක මහතාගේ උපදෙස්‌ මත කුරුණෑගල මූලස්‌ථාන පොලිසියේ අපරාධ මර්දන අංශයේ සහ කාන්තා කාර්යාංශයේ පොලිස්‌ නිලධාරීන් හා නිලධාරිනියන් විසින් දියණිය අපයෝජනය කළ මාස්‌පොත කුඩාගල්ගමුව ප්‍රදේශයේ පදිංචි පියා අත්අඩංගුවට ගෙන ඇත.

අපයෝජනයට ලක්‌ වූ මෙම දියණිය 14 හැවිරිදිය.

මවට කීවොත් මරා දමන බවට තර්ජනය කරමින් මොහු දැරියට අතවර කර තිබේ. පසුව මව රැකියාවක්‌ සඳහා විදේශගත වී ඇත.

නිවසේ සිටින දියණියගේ මිත්තනිය දියණියගේ හැසිරීම සහ ඇගේ උදරය ඉදිරියට ඒම සම්බන්ධයෙන් සැක පහළ වී සොයා බලා මේ බව කුරුණෑගල මූලස්‌ථාන පොලිසියට පැමිණිලි කර ඇත.

අධිකරණය විසින් මාස 05 ක දරු ගැබක්‌ සහිත දියණිය මිත්තනිය භාරයට පත් කරන ලදී.

කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපතිනි පො. ප. ජයකොඩි මහත්මිය ඇතුළු කණ්‌ඩායමක්‌ පරීක්‍ෂණ පැවැත්වූහ.
« PREV
NEXT »

Facebook Comments APPID